අයවැය අවසන් ඡන්ද විමසීම අදයි

Published in පුවත්
Monday, 24 November 2014 10:30

2015 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් වන අවසන් ඡන්ද විමසීම අද සිදු කෙරේ. අයවැය ඡන්ද විමසීමේදී යම් පෙරළියක් සිදුවනු ඇති බවට පළවන මතවාද සම්බන්ධයෙන් මේ වන විට වැඩි අවධානයක් යොමුවී ඇත. දේශපාලන පක්ෂ කුමන ආකාරයකින් මෙවර අයවැය අවසන් ඡන්ද විමසීමේදී කි‍්‍රයා කරන්නේදැයි මෙතෙක් නිශ්චිතව ප‍්‍රකාශ වී නොමැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ජාතික හෙළ උරුමය අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ද වර්ජනය කළේය. එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ද දෙවන වර කියවීමේ විවාදය මග හැර තිබුණි.

අයවැය අවසන් විවාදයේදී කුමන ආකාරයේ තීරණයකට එළඹෙන්නේද යන්න පිළිබද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා ප‍්‍රකාශ කලේ මෙවර ද අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවය. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ද අයවැය ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඊයේ රාත‍්‍රීයේ විශේෂ සාකච්ජාවක් කැඳවා තිබුණි. නමුත් එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කලේ පාර්ලිමේන්තුව තුල ඇතිවිය හැකි තත්ත්වයන් මත පදනම්ව මුස්ලිම් කොංග‍්‍රසය කටයුතු කරනු ඇති බවය.

එක්සත් ජාතික පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය මෙවර ද අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරීමට සූදානමින් සිටී. කෙසේ වුවද අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කලේ රජයේ සෑම නියෝජිතයෙකුගේම ඡන්දය අයවැය යෝජනාවලියට පක්ෂව හිමිවන බවය.

අයවැය දෙවන වර කියවීමේ විවාදයට අදාල ඡන්ද විමසීම සිදු වුණේ පසුගිය පළමු වනදාය. එහිදී 157 ට 57 ක් ලෙස වැඩි ඡන්ද සියයකින් අයවැය යෝජනාවලිය දෙවන වර කියවීම සම්මත වුයේය.

2015 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් බිලියන එක්දහස් අටසිය දොළහක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. මීට අදාල පනත් කෙටුම්පත අග‍්‍රාමත්‍ය දි.මු ජයරත්න මහතා විසින් පසුගිය සැප්තැම්බර් මස 26 වන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ දස වන අයවැය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය ඔක්තෝබර් මස 24 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය. මෙය නිදහසෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැට නව වන අයවැය වේ.

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us