ඡන්දයට පෙර‌ බඳවාගැනීම්, උසස්‌වීම් තහනම්

Published in පුවත්
Thursday, 27 November 2014 10:07

ජනාධිපතිවරණය අවසන් වන තෙක්‌ රාජ්‍ය ආයතනයන්හි කිසිදු ආකාරයක බඳවා ගැනීම්, පත්වීම් හා උසස්‌වීම් සිදු කිරීම තහනම් බවට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විශේෂ චක්‍රලේඛයකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ විධිමත් ලෙස සිදුකරන බඳවා ගැනීම්, පත්වීම්. උසස්‌වීම් හා මාරුකිරීම් මීට අදාළ නොවන බවද ඒ මහතා දැනුම් දී ඇත.

ජනාධිපතිවරණ රාජකාරිය සඳහා යොදා ගැනීමට අපේක්‍ෂිත රජයේ පාසැල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු සියලුම රජයේ නිලධාරීන්ගේ සාමාන්‍ය ස්‌ථාන මාරුවීම් ජනාධිපතිවරණය අවසන්වී සති දෙකක්‌ ගත වනතුරු අත්හිටුවන ලෙසත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම අත්‍යවශ්‍ය හේතූන් මත හැර කණ්‌ඩායම් වශයෙන් මෙම කාලය තුළ රජයේ නිලධාරීන් විදේශගත වන්නේ නම් ඊට පූර්ව අනුමැතිය ලබාගත යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන්ය.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ටද මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us