පොළිස් ලොක්කා එළිපිටම හොරා පොළිස් සෙල්ලම් පෙන්නයි

Published in පුවත්
Thursday, 27 November 2014 10:34

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පොලිස්‌ දෙපාර්තමේන්තුව මුළුමනින්ම පාලනය කිරීමට කටයුතු කරමින් සිටීම නිසා පොලිස්‌ දෙපාර්තමේන්තුව අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත.

දේශපාලන අවශ්‍යතා මත පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු මුළුමනින්ම වෙනස්‌ කිරීමට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කටයුතු කරමින් පොලිස්‌පතිවරයා විසින් ඉතාම ක්‍රමානුකූලව සිදු කරනු ලැබූ පොලිස්‌ මාරුවීම්, උසස්‌වීම් පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු ටෙන්ඩර් ගැනීම්, ඇතුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ බහුතරයක්‌ පරිපාලන කටයුතු මේ වනවිට මෙම නිලධාරියා සියතට ගෙන සිටින බවද වාර්තා වෙයි.

මෙම උසස්‌ නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා දැඩි කලකිරීමට පත්ව සිටින විනයගරුක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් රැසක්‌ කල්තියාම සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් සිටින බවද පොලිස්‌ ආරංචිමාර්ග පවසයි.

පොලිස්‌පතිවරයා විසින් සම්මුඛ පරික්‍ෂණ පවත්වා තෝරාගත් දක්‍ෂ නිලධාරීන් පොලිස්‌ ස්‌ථානාධිපති තනතුරු සඳහා පත්කර තිබිණි.

එහෙත් මෙම උසස්‌ නිලධාරියා පත්වීමෙන් පසු සුදුසුකම් මත තනතුරු ලැබූ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් රැසක්‌ වහාම ඉවත් කර ඒ සඳහා වෙනත් නිලධාරීන් පත්කරනු ලැබීය.

එයින් බහුතරයක්‌ නිලධාරීන් විවිධ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් බවද වාර්තා වෙයි.

පොලිස්‌ දෙපාර්තමේන්තුවට උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩර් ලබාදීම පොලිස්‌පතිවරයා විසින් ඉතාම විනිවිද භාවයෙන් සිදුකර තිබිණි. එහෙත් මේ වනවිට මෙම උසස්‌ නිලධාරියා පොලිස්‌ ටෙන්ඩර්වලටද ඇඟිලි ගසමින් ඒවා විවිධ දූෂිතයන්ට ලබාදීමට උත්සාහ කරන බවද පොලිස්‌ ආරංචිමාර්ග පවසයි.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්වී එය කඩාවැටීමට ඉඩ ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් කියා සිටිති.

Last modified on Thursday, 27 November 2014 10:35

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us