ලංකාව අපට සහතිකවුවා

Published in පුවත්
Thursday, 27 November 2014 14:03
ඉන්දියාවේ ආරක්ෂාව අවදානමට ලක් කරන කිසිදු පියවරක් නොගන්නා බවට ශ‍්‍රී ලංකාව සහතික වී යැයි ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් එරට පාර්ලිමේන්තුවේදී ඊයේ ප‍්‍රකාශ කර ඇත.
කොළඹ වරායට චීන සබ්මැරීන යාත‍්‍රා පැමිණීම පිළිබඳව ඉන්දියාවේ ඇතැම් පාර්ශවයන්ට මතුවූ ගැටළුවලට පිළිතුරු ලෙස ඇය ඒ බව සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන් ලක් රජයෙන් විමසීමක් කළ අතර, චීන සබ්මැරීන යාත‍්‍රා පැමිණියේ සුහද විවේක චාරිකාවකට බව එහිදී ශ‍්‍රී ලංකාව දැනුම් දුන්නේ යැයි ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය අවධාරණය කළාය.
 
එමෙන්ම ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන, ඊට එරෙහි පියවර කිසිවක් නොගන්නා බවට ශ‍්‍රී ලංකාව සහතික වී යැයි ඇය සඳහන් කළේ ලෝක් සභාවට ඉදිරිපත්වූ ලිඛිත ප‍්‍රශ්නයකට පිළිතුරු  ලෙසය. ශ‍්‍රී ලංකාව සමග බහුවිධ අංශ ඔස්සේ ශක්තිමත් සමීප සබඳතාවක් ඉන්දියාව ගොඩනගාගෙන ඇති බවද සුෂ්මා ස්වරාජ් වැඩිදුරටත් සඳහන් කළාය. ආරක්ෂක සහ හමුදා සබඳතාද ඊට අයත්වන බව ඇය කියා සිටියාය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us