'ගෝලීය දෙමළ සන්සදය මහින්දට කඩේ යනවා'

Published in පුවත්
Friday, 28 November 2014 10:17

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් ඔහුව යුධ අපරාධ චෝදනා සදහා යුධ අධිකරණයට ගෙන යන බවට ගෝලීය දෙමළ සන්සදය කළ ප්‍රකාශය ජනාධිපතිවරයාට වාසිදායක එකක් බවත්,  එය වර්තමාන පාලනය පවත්වා ගැනීමට ඔවුන් වුවමනා වෙන්ම කල ප්‍රකාශයක් විය හැකි බවත්   දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.



බිබිසි සංදේශයට ප්‍රකාශයක් දෙමින් ඔහු එබව සඳහන් කළේය. 



මහින්ද තවමත් ඉදිරියෙන් -දයාන්


පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන තරග බිමට පැමිණියත් තවමත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩ කඩ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බවද ඔහු කියා සිටියේය.  

ගැමි ගොවි පදනමකින් පැමිණි, ජනතාවට ඉතා සමීප දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් ඇති මෛත්‍රීපාල සිරිසේන වැනි චරිතයක්, පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනාධිපතිවරණය ඉතා තරගකාරී එකක් බවට පත්ව ඇති බව  ආචාර්ය දයාන් ජයතිලක මහතා පෙන්වා දෙයි.

‘ඔහුගේ පැමිණීම සාධනීය දෙයක්, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සිරිසේන මහත්මයා දිනලා, රාජපක්ෂ මහත්මයා පරදියි කියලා. නමුත් මෙතන තරගයක් තියෙනවා, නොතිබිච්ච් දේශපාලන අවකාශයක් විවෘත වෙලා තියෙනවා’ ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසීය.


'කුමන්ත්‍රණ ආපස්සට'


පොදු අපේක්ෂකයා පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බවට ආණ්ඩුව නගන චෝදනාවට කිසිදු සාක්ෂියක් නොමැති බව පැවසූ ආචාර්ය දයාන් ජයතිලක මහතා, පොදු අපේක්ෂයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණීම ජාත්‍යන්තර කුමන්ත්‍රණ ආපස්සට තල්ලු කිරීමට හේතුවී ඇති බව  කියා සිටියේ ය. 

පසුගිය දා බිබිසියට අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පැවසුවේ වර්තමාන දේශපාලන තත්වය අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වීමේ ඉඩකඩ වැඩි බවයි.

නමුත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග යන චරිතවලට සාපේක්ෂව මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට හැකියාවක් ඇතත් වැඩි ඉඩකඩ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට බවයි.


'පඹ ගාලක'


" සිරිසේන මහත්මයා චරිතයක් ලෙස තරගයක් දෙන්න විශාල හැකියාවක් තිබුණු සහ තියෙන චරිතයක්, නමුත් එතුමා පැමිණීම හොඳ පියවරක් උනත්, අරගෙන තිබෙන දේශපාලන ස්ථාවරයන් පිළිබඳව බලන කොට තමාවම පටලවා ගෙන තිබෙනවා පඹ ගාලක" ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකවරයා තමන් හොදින් හඳුනන බහුතර ගැමි ගොවි ජනතාවගේ සිතුම් පැතුම් අනුව වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර දින 100කින් ව්‍යවස්ථා වෙනස් කිරීම වැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම අවාසනාවක් බව  ආචාර්ය දයාන් ජයතිලක මහතා කියා සිටියේය.

" විධායක ජනාධිපතිදුරය අහෝසිකරන්න කියලා රටේ ජනතාවගෙන් බහුතරයක් ඉල්ලනවා කියලා කිසිම සාක්ෂියක් නැහැ" ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසීය.


මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ම එක්තරා ආකාරයකට වෙස් මුහුණු චරිත බව පැවසූ ආචාර්ය දයාන් ජයතිලක මහතා, ඔවුන් දිහා පමණක් බලා තීරණයක් ගැනීමට ජනතාවට නොහැකි තත්වයක් උදාවී ඇති බව  පෙන්වා දෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us