මාධ්‍යවේදි සුජීව දිසානායක මහතා අවසන් ගමන් යයි

Published in පුවත්
Sunday, 30 November 2014 09:32

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම සිළුමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ති‍බේ.

ඊයේ (29) රත්‍රියේ ඇති වු හදිසි හෘදයාබාදයකින් හෙතෙම ජීවිතක්ෂයට පත් වූ බව පවුලේ ඥාතීන් පැවසුවේය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 55ක් පමණ බව වාර්තා වෙයි.

ප්‍රවීණ තීරු ලිපි රචකයෙකු මෙන්ම කෘති ගණනාවක් සිංහලයට පරිවර්තනය කළ පරිවර්තකයෙකු ලෙසද ඔහු සමාජය තුළ වැඩි දෙනා අතර කතා බහට ලක් වු පුද්ගලයෙකි.

ඔහු කළ කෘති අතර මහත්මාගාන්ධිගේ චරිතාපධාන සිංහල පරිවර්ථනයද සුවිශේෂී වේ. වේ. ශ්‍රී ලංකාවේ අලි රැක ගැනීම සම්බ්ධයෙන් විශාල උනන්දුවක් තිබුණු  ඔහු නිවාඩුවක් ලද සෑම විගසම අලි නිරීක්ෂණය සඳහා වනාන්තර වල සැරිසැරීම පුරුද්දක් කර ගත්තෙකි.

ඔහු සතුව ශ්‍රී ලංකා අලින්ගේ සුවිශේෂී ඡායාරූප එකතුවක්ද වේ.

ඔහුගේ දේහයේ අවසන් කටයුතු හෙට(01) පවුලේ සුසාන භූමියේදී පැවැත්වෙන බව පවුලේ ඥාතීන් පැවසුවේය.

Last modified on Sunday, 30 November 2014 10:05

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us