යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මම මහින්දට කියාදෙනවා

Published in පුවත්
Thursday, 18 December 2014 11:19

යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ජනපතිට කියාදෙන්න තමන් කැමති බවත් මේ සම්බ්නධව කතා කිරීමට ලබන ජනවාරි පළවෙනිදා තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(17) බලපිටියේ පැවැති ජන හමුවේදීය.

කිසිඳු කොළ කැල්ලක් අතේ නැතිව තමන් ඊට සහභාගී වන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රැළිය ඇමතු පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.

දෙදහස් දහය වර්ෂයේ පැවැත්වූ පාර්ලිමේන්තුවට ලැබුණු තුනෙන් දෙකක බලයෙන් ජනතා සුබ සිද්ධිය සඳහා පාර්ලිමේන්තුව තුළ කිසිදු පනතක් හෝ නීතියක් සම්මත කර නැහැ. එය භාවිත කළේ 18 වන සංශෝධනයට පමණක් බව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (17) බලපිටියේ පැවති ජනරැලිය අමතමින් ප‍්‍රකාශ කළේය.

වර්තමාන පාලනය විසින් ජනතාවට තුන්වේලම ආහාර ලබාගැනීමට හැකියාවක් නැති තත්වයට පත් කර තිබේ. නමුත් මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාවගේ මුදල් විශාල වශයෙන් විනාශ කරයි. අද වන විට රාජ්‍ය සේවය අන්ත දූෂිත තත්වයකට පත්ව තිබේ. ජනවාරි 8 වනදායින් පසු තම ජනාධිපතිත්වය යටතේ පත්වන නව ආණ්ඩුව මගින් රාජ්‍ය සේවකයින්ට දින 100න් වැටුප් වැඩිකර ස්වාධීනව තම කටයුතු කරගෙන යාමට අවකාශය සැලසෙන බව එතුමා ප‍්‍රකාශ කර සිටියේය.

පෞද්ගලික අංශයේ කර්මාන්ත ක්‍ෂේත‍්‍රය තුළ ලක්ෂ 25 ක පමණ පිරිසක් සේවය කරයි. නමුත් ඔවුන් ලබා ගන්නේ රුපියල් 10,000/-, 15,000/- වැනි වැටුපකි. නව ආණ්ඩුවක් තුළ මීට වඩා වැටුපක් ලැබෙන ක‍්‍රමවේදයක් පෞද්ගලික සේවකයින්ට ලබා දෙයි. විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්ද හදුන්වා දී, වෘත්තීය සුරක්ෂිතභාවය ඇති කරනු ලබයි. ත‍්‍රිවිධ හමුදාවට පසුගිය අවුරුදු ගණන තුළ කිසිඳු වැටුප් ඉහළ දැමීමක් සිදු කර නොමැත. ඔවුන් අද අරලියගහ මන්දිරයේ පිඟන් හෝදන්නන් බවට පත් කර ඇත. කම්කරුවන් බවට පත් කර ඇත. ඔවුනට සියලූ වරප‍්‍රසාද අහිමි කර ඇත. නව ආණ්ඩුව තුළින් ඔවුන්ගේ නිල ඇඳුමට ගරුත්වයක් ලබා දීමට කටයුතු කෙරෙයි.

පොලිසියද අද අන්ත අසරණ තත්වයට පත් කර ඇත. ඔවුනට අවුරුදු 12, 15, 20, 22 න් ලබා ගත හැකි විශ‍්‍රාම ගැනීම ලබා ගත නොහැකිය. නමුත් නව ආණ්ඩුවක් තුළින් අලූත් චක‍්‍රලේඛනයක් නිකුත් කර පොලිසියේ වසර 22 සේවය කරන අයට විශ‍්‍රාම ගත හැකි ක‍්‍රමවේදයක් සකස් කෙරෙයි. නව ආණ්ඩුව තුළ වෘත්තීය ප‍්‍රශ්න විසඳීමට පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කෙරෙයි.

අන්තර් ජාතික තලයේද මෙරට හුදකලා වන තත්වයකට පත්ව තිබේ. රාජපක්ෂ ඥාතින් හා ඔවුන්ගේ හෙංචයියන් විදේශ රටවල තානාපතින් බවට පත්ව තිබේ. නව ආණ්ඩුව තුළින් ලෝකයේ සෑම රටක් සමගම මිත‍්‍රත්වයක් ඇති කරගෙන කටයුතු කෙරෙනු ඇත.මෛත‍්‍රීගෙන් ජනපතිට අභියෝගයක්

බලපිටියේදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි

යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ජනපතිට කියාදෙන්න තමන් කැමති බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ලබන ජනවාරි පළවෙනිදා තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලපිටියේ මෛත‍්‍රී රැළියේදී ප‍්‍රකාශ කළේය. කිසිඳු කොළ කැල්ලක් අතේ නැතිව තමන් ඊට සහභාගී වන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රැළිය ඇමතු පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම රැළියේදී දැක්වූ අදහස් මෙසේය :
දෙදහස් දහය වර්ෂයේ පැවැත්වූ පාර්ලිමේන්තුවට ලැබුණු තුනෙන් දෙකක බලයෙන් ජනතා සුබ සිද්ධිය සඳහා පාර්ලිමේන්තුව තුළ කිසිදු පනතක් හෝ නීතියක් සම්මත කර නැහැ. එය භාවිත කළේ 18 වන සංශෝධනයට පමණක් බව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (17) බලපිටියේ පැවති ජනරැලිය අමතමින් ප‍්‍රකාශ කළේය.

වර්තමාන පාලනය විසින් ජනතාවට තුන්වේලම ආහාර ලබාගැනීමට හැකියාවක් නැති තත්වයට පත් කර තිබේ. නමුත් මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාවගේ මුදල් විශාල වශයෙන් විනාශ කරයි. අද වන විට රාජ්‍ය සේවය අන්ත දූෂිත තත්වයකට පත්ව තිබේ. ජනවාරි 8 වනදායින් පසු තම ජනාධිපතිත්වය යටතේ පත්වන නව ආණ්ඩුව මගින් රාජ්‍ය සේවකයින්ට දින 100න් වැටුප් වැඩිකර ස්වාධීනව තම කටයුතු කරගෙන යාමට අවකාශය සැලසෙන බව ඔහු ප‍්‍රකාශ කර සිටියේය.

පෞද්ගලික අංශයේ කර්මාන්ත ක්‍ෂේත‍්‍රය තුළ ලක්ෂ 25 ක පමණ පිරිසක් සේවය කරයි. නමුත් ඔවුන් ලබා ගන්නේ රුපියල් 10,000/-, 15,000/- වැනි වැටුපකි. නව ආණ්ඩුවක් තුළ මීට වඩා වැටුපක් ලැබෙන ක‍්‍රමවේදයක් පෞද්ගලික සේවකයින්ට ලබා දෙයි. විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්ද හදුන්වා දී, වෘත්තීය සුරක්ෂිතභාවය ඇති කරනු ලබයි. ත‍්‍රිවිධ හමුදාවට පසුගිය අවුරුදු ගණන තුළ කිසිඳු වැටුප් ඉහළ දැමීමක් සිදු කර නොමැත. ඔවුන් අද අරලියගහ මන්දිරයේ පිඟන් හෝදන්නන් බවට පත් කර ඇත. කම්කරුවන් බවට පත් කර ඇත. ඔවුනට සියලූ වරප‍්‍රසාද අහිමි කර ඇත. නව ආණ්ඩුව තුළින් ඔවුන්ගේ නිල ඇඳුමට ගරුත්වයක් ලබා දීමට කටයුතු කරයි.

පොලිසියද අද අන්ත අසරණ තත්වයට පත් කර ඇත. ඔවුනට අවුරුදු 12, 15, 20, 22 න් ලබා ගත හැකි විශ‍්‍රාම ගැනීම ලබා ගත නොහැකිය. නමුත් නව ආණ්ඩුවක් තුළින් අලූත් චක‍්‍රලේඛනයක් නිකුත් කර පොලිසියේ වසර 22 සේවය කරන අයට විශ‍්‍රාම ගත හැකි ක‍්‍රමවේදයක් සකස් කෙරෙයි. නව ආණ්ඩුව තුළ වෘත්තීය ප‍්‍රශ්න විසඳීමට පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කෙරේ.

අන්තර් ජාතික තලයේද මෙරට හුදකලා වන තත්වයකට පත්ව තිබේ. රාජපක්ෂ ඥාතින් හා ඔවුන්ගේ හෙංචයියන් විදේශ රටවල තානාපතින් බවට පත්ව තිබේ. නව ආණ්ඩුව තුළින් ලෝකයේ සෑම රටක් සමගම මිත‍්‍රත්වයක් ඇති කරගෙන කටයුතු කෙරෙනු ඇත.

 MG 9004

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us