වත්මන් අාණ්ඩුව මට හිරහැර කළා

Published in පුවත්
Thursday, 18 December 2014 11:42

තමාට අනාගතයේදී සාධාරණයක් ඉෂ්ට වනු ඇති බවත්, තමා දේශපාලනයට නොපිවිසෙන බවත් හිටපු අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

NDB බැංකුවේ ඇති ගිණුම් පිළිබඳ තොරතුරු වත්කම් ප්‍රකාශයේ හෙළි නොකළ බවට අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවේ නඩු විභාගයට මුහුණදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණි ඇය මාධ්‍ය අමතමින් මෙසේ පැවසුවාය.


නීතිඥවරියක වන තමාගේ තිස් තුන් වසරක කාලය තුළදීත්, අගවිනිසුරුවරිය ලෙස තමාගේ 16 වැනි වසර තුළදීත් තමා කිසිම චෝදනාවකට ලක්වී නැතැයි හිටපු අගවිනිසුරුවරිය පැවසුවාය.
2013 වසරේ ජනවාරියේ සිට තමාට ආණ්ඩුවෙන් යම් යම් හිරහැර එල්ල වූ බවත්, තමාට විදේශ ගතවීමට තහනම් කොට තමා නිවාස අඩස්සියේ තැබීමට පවා ආණ්ඩුව කටයුතු කළ බවත් ඇය සඳහන් කළාය.


තමා අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බව විදෙස් ආයතන තුනක්ම ප්‍රකාශයට පත්කර ඇති බවත්, මේ තත්ත්වය මත තවමත් මෙරට අගවිනිසුරුවරිය තමා බවත් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පවසා සිටියාය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us