මැ.කො.ට එරෙහිව උද්ඝෝෂණයක්

Published in පුවත්
Thursday, 18 December 2014 20:08

මැතිවරණ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකරන බව පවසමින් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව උද්ඝෝෂණයක් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දියත් විය.

මෙම උද්ඝෝෂණයට එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ විවිධ සිවිල් සංවිධාන රැසක ආධාරකරුවෝ සහභාගී වුහ.

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඡන්ද නීති කඩන නමුත් මැතිවරණ කොමසාරිස්වරයා ඊට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති බව උද්ඝෝෂකයන් කියා සිටියේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගැනීමටද මැතිවරණ කොමසාරිස්වරයා අපොහොසත් වී ඇති බව උද්ඝෝෂකයෝ පවසති.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක, එරාන් වික්‍රමරත්න, සුජිව සේනසිංහ ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනෝමා ෆොන්සේකා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක් වුහ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us