මහින්දගේ මැතිවරණ කෙරුවාව ලෝක වාර්තාවක්

Published in පුවත්
Friday, 19 December 2014 11:05

මැතිවරණයකදී රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ භාවිත කිරීමේ ලෝක වාර්තාවද මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ සිදුකිරීමට මහින්ද රාජපක්ෂ උත්සාහ ගත්තද එය මෙදා සිදුකළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ජනවාරි 08 වැනිදා පැවැත්වෙන මැතිවරණයේදී පරාජයට පත්වුවද තවත් වසර දෙකක කාලයක් රැඳීසිටිය හැකි බවට විහිළු තර්කයක් ඉදිරිපත් කරමින් සිටින බවත්, එහෙත් ව්‍යවස්ථාවට අනුව එවැනි ප්‍රතිපාදනයක් නොමැති නිසා සෙල්ලම් කිරීමට ලැස්ති නොවන ලෙසත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

පරාජයට පත්වී තිබියදීත් ජනාධිපති ධුරයේ දිගටම රැඳී සිටීමට කටයුතු කරනවා නම් ජනතාව තෝරාගත් නායකයාට ජනාධිපති ධුරය ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා එළවාදැමීමට ජනතාව කටයුතු කළ යුතු බව ඔහු පවසා සිටියේය.

මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුවක කොටස්කාරයෙකු වීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැති බවත්, එහෙත් මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුව ලවා මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු ඉටුකරවාගැනීමට මැදිහත් වන බවත් පවසා සිටියේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us