"තැපෑලේ අපි" මෛත්‍රී සමගයි

Published in පුවත්
Saturday, 20 December 2014 10:05
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීමට තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රබල වෘත්තීය සමිති නායකයින්ගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පිහිටුවාගත් තැපෑලේ අපි සංවිධානය තීරණය කර තිබේ.
 
මේ පිළිබඳ අදහස්‌ දක්වමින් ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති චින්තක බණ්‌ඩාර මහතා සඳහන් කළේ වත්මන් පාලනය යටතේ තැපැල් දෙපාර්තමේන්තුව සහ රට දිනෙන් දිනම පරිහානියට පත් වීමත් වෘත්තිය සමිති මර්දනය කිරීමට රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීමත් ඇතුළු කරුණු ගණනාවක්‌ සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගත් බවයි.
 
රටේ ප්‍රබලතම රාජ්‍ය ආයතනයක්‌ව පැවැති තැපැල් දෙපාර්තමේන්තුව නොසලකා හැර විනාශ කර දැමීමට රජය කටයුතු කරමින් සිටින බවත් දේශපාලන පක්‍ෂ පාට අමතක කර තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම දෙනා මෛත්‍රීපාල සිරිසේන මහතාට පූර්ණ සහාය ලබා දීමට තීරණය කළ බවත් ඒ මහතා පැවසීය.
 
මූලාශ්‍රය දිවයින

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us