ලේක් හවුස් ආයතනයෙන් මහින්දට ඡන්ද තුනයි !

Published in පුවත්
Saturday, 20 December 2014 10:24
එක්සත් ප්‍රවෘත්ති සමාගම හෙවත් සිළුමිණ, දිනමිණ ,ඩේලිනිවුස්, සන්ඩෙ ඔබ්සර්වර් වැනි පුවත්පත් ගොන්නක් මුද්‍රණය කරන ලේක් හවුස් ආයතයේ නිළධාරීන් ඇතුළු සේවක මණ්ඩලයෙන් මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡන්දය ලැබෙන්නේ තිදෙනෙකුගෙන් පමණක් බව එම ආයතන සේවකයින්ගේ ජනප්‍රිය කියමනක් බවට පත්ව තිබේ.
 
එම තිදෙනා වෙන්නේ එම ආයතනයේ සභාපති බන්ධුල පද්මකුමාර, සන්ඩේ ඔබ්සර්ව පුවත් පත හා දිනමිණ පුවත් පත්වල කර්තෘවරුන් දෙදෙනා පමණකි.ලේක් හවුස් ආයතනයේ ස්ථිරසේවකයන් 1800 ක් පමණ සිටී. මෙහි බහුතරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ වෙති.
 
එම ආයතනයේ අනෙක් බහුතරයම මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවිය යුතු බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් සිටින බවත් සභාපතිවරයාට ලේක්හවුස් ආයතනය මඟින් සිදුකරන ජනාධිපති ප්‍රචාරක වැඩ සටහන් ක්‍රියත්මක කිරීම සඳහා  සිය අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ දැඩි වාද විවාද වලට මුහුණ දීමට සිදුව තිබේ. එමෙන්ම ආයතනය තුල සන්ධානයට පක්ෂපාතව පෙනී සිටින බොහෝ  පිරිස් ඉන් පිටතදි මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම වෙනුවෙන් වැඩ කරන බවත් වාර්තා වී තිබේ.
 
මේ අතර ශ්‍රීලංකා නිදහස පක්ෂයේ නව මහ ලේකම් අනුර යාපා මහතාගේ මස්සිනා වන අයෙකුද ලේක්හවුස් ආයතනයේ ඉහල තනතුරක් දරන්නකු වූවත් ඔහුද මහින්ද රාජපක්ෂට එරෙහිව එම ආයතනය තුල  සේවකයන් හා කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us