ගොඩගේ නවකතා අත්පිටපත් තරගයේ සම්මාන

Published in පුවත්
Monday, 22 December 2014 08:21
මරදාන ගොඩගේ ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘ගොඩගේ නවකතා අත්පිටපත් තරගය’ පළමු සම්මාන උළෙල පසුගිය 18 වන දින කොළ 07 නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
 
පළමුව මෙ සම්මාන කමිටුව තීරණය කර තිබුණේ අත් පිටපත් තරගයෙන් ජය්‍රහණය ලබන කෘතියට ලක්ෂ පහක මුදලක් ප්‍රදානය කිරීමට වුව ද මෙවර ලැබි තිබූ කෘති අතුරින් කාති පහක් ම සම්මානයට පාත්‍ර කිරීමට අදාළ සම්මාන කමිටුව තීරණය කර තිබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පහත සඳහන් කෘති පහ ප්‍රශස්ත ම කෘති පහ වශයෙන් තෝරාගත් අතර එම ලේඛක ලේඛිකාවන්ට සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමී ය.
 
 
අග්නි නදී තෙර - ටී. එම්. ටී. මැදගමගේ
අම්මා සේ මා - ශ්‍රීමා ලාලනී
ඇදහිය නොහැකි නිහඬතාව - චම්පා වෛද්‍යතිලක
කන්දේ ගින්දර - මාබොදලේ නන්දතිස්ස
දියහැර තැන්න - ජයරත්න වීරක්කොඩි
 
ගොඩගේ නවකතා අත්පිටපත් තරගයේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කළ ප්‍රවීණ පරිවර්තක සහ ලේඛක උපාලි ලිලාරත්න මහතා පවසා සිටියේ නවකතා අත්පිටපත් 75 ක් ලැබි තිබූ බවයි. ඒ අතුරින් තෝරාගත් ප්‍රශස්ත කෘති පහ පමණක් දැනට මුද්‍රණද්වාරයෙන් එළිදක්වා ඇති අතර ඉදිරියේදි ඉතිරි නවකතා 70 අතුරින් උසස් මට්ටමක පවතින කෘති කිහිපයක් ද මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන් ම ඉදිරි කාලයේ දී මෙම තරගය දෙමළ මාධ්‍යයට ද විවෘතවන බවත්, මෙම සම්මාන ප්‍රදානය නවකතාවට පමණක් නොව කවිය, කෙටිකතාව සහ වෙනත් ඉසව් කෙරෙහි යොමු කිරීම පිළිබඳව ද අවධානය යොමු කොට ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවසී ය.
 
මෙම අත්පිටපත් තරගයේ විනිශ්ච මණ්ඩලය ලෙස කටයුතු කොට ඇත්තේ: පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි ප්‍රමුඛ දයා දිසානායක මහතා, මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර මහතා සහ ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මෙනවිය යි.
 
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us