එල්ටීටීඊ විරෝධී ආනන්ද සංගරී මෛත්‍රීට සහය දෙයි

Published in පුවත්
Monday, 22 December 2014 13:00

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එළ‍ඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම්වරයා වන ආනන්ද සංගරී මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පුර්ණ සහයෝගය දැක්වීමට යාපනය ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය කළ බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.

බලයේ සිටි විවිධ ආණ්ඩු ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා නොදුන් බවත්, සමස්ථ රටේ යහපාලනය උදෙසා විවිධ පක්ෂ සහ සංවිධාන එකතු වී ගත් ප්‍රතිපත්තිමය තීරණයට රටේ සෑම ද්‍රවිඩ ජාතිකයෙකුම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ යුතු බව සංගරී මහතා පෙන්වා දෙයි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට තමන් ඇතුළු පිරිස විශ්වාසයක් තබා ඇති බවත්, රටේ සමස්ථ එකීයභාවට උදේසා එළඹෙන ජනාධිපතිවරණයේදී ඒ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ආනන්ද සංගරී මහතා පසුගිය කාලයේ පෙනි සිටියේ රාජපක්ෂ රජය වෙනුවෙනි. එල්ටීටීඊ විරෝධියකු වූ ඒ මහතා බොහො අවස්ථාවලදී රාජපක්ෂ රජය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ අතර දෙමල ජාතික සන්ධානය සමඟ ගැ‍ටුම් ඇති කර ගැනීමද සිදුවිය.

ආනන්ද සංගරී මහතා සිය 81 වැනි උපන්දිනය සැමැරූ පසුගිය ජුනි(15) තම දේශපාලන ජීවිතයෙන් විශ්‍රාම ගත්තේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us