ළමා ජනගහනය 35% සිට 25% දක්වා අඩුවී ඇත. එසේම වියපත් ජනගහනය 6.7% සිට 12.7% දක්වා ආසන්න වශයෙන් දෙගුණයකින් වැඩි වී ඇත. වැඩකරන වයසේ ජනගහනය 56% සිට 62.4% දක්වා වැඩි වී ඇත. ඒ අනුව ළමා ජනගහනය අඩුවෙමින් වැඩිහිටි ජනගහනය පාලනය කළහැකි මට්ටමක පවත්වාගෙන යාමෙන් ඇති වන වැඩකරන ජනගහනයේ වර්ධනය, එනම් ප‍්‍රජාවිද්‍යාත්මක පාරිතෝෂිතය ආර්ථික සංවර්ධනය සඳහා භාවිත කළ හැකිය.
දැනට පවතින මෙම වාසිදායක තත්වය සදාකාලික නොවන බව එච්.ආර්. ගුණසේකර මහතා පවසයි. බොහෝ විට වසර 2030 පමණ වන විට මෙම තත්වය වෙනස්විය හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ළමා ජනගහනය 2016 සිට 2051ක දක්වා කාලය වන විට ක‍්‍රමයෙන් අඩුවීයයි. වියපත් ජනගහනය වර්ධනය වේ. වැඩකරන ජනතාවගේ ජනගහනය යම් මට්ටමකට ගොස් ඉන්පසු ක‍්‍රමයෙන් අඩු වේ. එනම් ප‍්‍රජාවිද්‍යාත්මක පාරිතෝෂිතය අවසන්වේ. මෙය සදාකාලිකව නොපවතින අතර පවතින්නේ අවුරුදු 40ක කාලයක් පමණය. 1990 මුල භාගයේ ආරම්භ වූ මෙය 2030 අගදී පමණ අවසන් වීමට නියමිතව තිබේ.
මෙම කරුණු අනුව පෙනී යන්නේ පවතින වාසි දායක තත්වය නිවැරදිව කළමනාකරණය සඳහා සුදුසු ප‍්‍රතිපත්ති වහා වහා සකස් විය යුතු බවය. එහිදී තරුණයන්ගේ හැකියා සංවර්ධනයට, ඔවුන්ට සුදුසු රැකියා ලබාදීමට සහ ඵලදායිතාව වැඩි කිරීමට ප‍්‍රමුඛත්වයක් ලබාදිය යුතු බව එච්.ආර්. ගුණසේකර මහතා කියා සිටියේය.
වයස් කාණ්ඩ අනුව ශී‍්‍ර ලංකාවේ දැනට තිබෙන ජන සංයුතිය ආර්ථික සංවර්ධනය සඳහා ඉතා හිතකර බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ උපදේශකවරයෙකු වන එච්.ආර්. ගුණසේකර මහතා පවසයි.ඉකුත් වසර කිහිපය ඇතුළත ශී‍්‍ර ලංකාවේ තරුණ ජනගහනය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව 2012 ජන හා නිවාස සංගණනය උපුටා දක්වමින් ඔහු කියා සිටියේය. ඊට සාපේක්ෂව ළමා ජනගහනය අඩු වී වැඩිහිටි ජනගහනයද පාලනය කර ගත හැකි මට්ටමකට පැමිණ තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...