පුළුවන්නම් මාව ආණ්ඩුවට ගන්න - හරීන්

Published in පුවත්
Tuesday, 23 December 2014 08:21
'තැරව්කාරයන් මට අද ලංසු මුදලට කතා කරනවා. කෝටි 100ක් දෙන්නම් රජයට එන්න කියා. මුදලට, තනතුරුවලට වරප්‍රසාද වලට,දේපළවලට කිසිදිනක යටත් නොවන එක්සත් ජාතික පක්ෂය කිසි දිනක අතහැර නොයන පිල්මාරු නොකරන මේ හරින් ප්‍රනාන්දුට පුළුවන්නම් ගන්න කියා මා අභියෝග කරනවා" යැයි ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (22දා) බදුල්ලේ සිය නිවසේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
මෙහිදී තවදුරටත් කතා කරමින් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.
 
"දැන් හැමෝම සැකකරනවා ඒ වගේම හිතාගෙන ඉන්නේ මා එක්සත් ජාතික පක්ෂය අතහැර රජයට එකතුවෙයි කියලා. මා කවදාවත් එහෙම යන්නේ නැහැ. හැමදෙනාම දැන් කටකතා පතුරවලා තිබෙනවා මා පක්ෂය හැර යනවා කියලා. ඒ කටකතා සම්පූර්ණ බොරු. මානසිකත්වය බිඳ වට්ටන්න සැලසුම් සහගත මඩ ප්‍රචාරයක් මේ කරගෙන යන්නේ. හරින් ප්‍රනාන්දු ආණ්ඩුවට යනවා ලබන 9දා . ඒ යන්නේ පොදු විපක්ෂය හදන ආණ්ඩුවටයි.  මා සියලු වරප්‍රසාද තනතුරු අතහැර දමා කැපවීම් කළේ ඒ නව රජය ගොඩනගන්නයි.
 
පෙරහරේ  කසකාරයා හැටියට ආපු මා අද එක්සත් ජාතික පක්ෂයේ හොඳ ස්ථාවරයක ඉන්නවා. පක්ෂය මට හොඳට සලකලා තිබෙනවා. මුදලට වරප්‍රසාද තනතුරුවලට දේපළවලට කිසිදිනක මා යට වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය අතහැර යන්නෙත් නැහැ.
 
අවුරුදු 35ක් වැනි කෙටි කාලයක් තුළදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරට මට එන්න වාසනාව ලැබුණා. ඒ ගෞරවය බදුල්ල  දිස්ත්‍රික්කයේ මගේ ජනතාවට හිමිවිය යුතුයි.මා සමග එකට සිටි ඌව පළාත් සභාවේ තිස්ස කුට්ටිආරච්චි පිල් මාරු කළා. ඔහු දෙන අත සපා කෑ අයෙක්.
 
මෙය කටවුට් ගහන පෝස්ටර් ගහන මැතිවරණයක් නොවෙයි. ජනතාවගේ හදවතින්ම වෙනස් කරන මැතිවරණයක් මේක. පෝස්ටර් කටවුට් ගහන්න ගහන්න ජනතාවට තුළ විශාල වෛරයක් ඇති වෙනවා."
 
 
- ada

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us