තුනෙන් දෙක රාජපක්ෂලාට අහිමි වෙයි, ආණ්‌ඩුවට 149යි විපක්‍ෂයට 76යි

Published in පුවත්
Tuesday, 23 December 2014 08:28
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවට ඊයේ (22 දා) සිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අහිමි විය. සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්‌ඩුවට සහාය දැක්‌වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී අමීර් අලි යන මහත්වරු ඊයේ (22 දා) ආණ්‌ඩුවෙන් ඉවත්වීමත් සමඟ මෙසේ බහුතර බලය ආණ්‌ඩු පක්‍ෂයට අහිමි විය.
 
ඒ අනුව ඊයේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණන (කථානායකවරයා ද සමගින්) 149 කි. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණන 76 කි.
 
තුනෙන් දෙකක බහුතර බලයක්‌ සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන 150 කි. මේ අනුව මෙතෙක්‌ කලක්‌ පාර්ලිමේන්තුවේ තිබූ බහුතර බලය ඊයේ සිට ආණ්‌ඩු පක්‍ෂයෙන් ගිලිහිණි.
 
මේ තත්වය මත මහින්ද රාජපක්ෂ මහතා  මේ වන තුරු වේදිකාවල පැවැසූ  ලෙස විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ හැකියාව පවතින්නේ තමන්ට පමණක් බවට  ගෙන ගිය ප්‍රචාරක කටයුත්ත අවසන් වෙයි. ඔහු පැවසූවේ තුනෙන් දෙක තමන්ට තිබෙන නිසා  ඒ අහෝසි කිරීමේ හැකියාව තමන්ට තිබෙන බවය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us