චෞර පවුල් ආණ්ඩුවට එරෙහිව සංඝ ආඥාවක්

Published in පුවත්
Wednesday, 24 December 2014 08:05

රාජපක්ෂ පවුල් ආණ්ඩුව බලයෙන් පහකිරීම සඳහා වූ සංඝ ආඥාවක් ජාතික භික්ෂු එකමුතුව විසින් ඊයේ (23දා) කොළඹ හයිඩ් පිටියේදී ප්‍රකාශයට පත් කරන ලදී.

'හයිඩ් සම්මුතිය' ලෙස හැඳින්වෙන එම සම්මුතියෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා මාතෘභූමිය චෞර පාලනයකින් හෙම්බත් කොට ජනතාව දුගී බවේ පතුලටම ඇද දමා නීතියද, ව්‍යවස්ථාවද, පාර්ලිමේන්තුවද, නොතකන දුරාචාර, අපචාර, මිනීමැරුම්වලින් මෙන්ම හෙරොයින්, එතනෝල්, කැසිනෝවලින්ද රට වනසමින් ආගමික සහජීවනයද බිඳ දමා ජාතීන් අතර වෛරය අවුලා රට පරගැතියන්ගේ

කෙළිබිමක් කොට දේශයේ ආත්ම ගෞරවය කෙලෙසා මුළු මහත් ජනතාවත් උප නූපන් ජනතාවත් ණය ගැතියන් කොට ගහ කොළ, සතා සිවුපාවන්ද, සසුනද, ජාතික උරුමයන්ද වනසා රට වැසියා අට අනූවක් රෝග ව්‍යාධියෙන් ව්‍යාධි කොට දෙකෝටි විසිහතර ලක්ෂයක් වූ ශ්‍රී ලාංකික ජාතියම එකම පවුලකට යටත් කොටගත් 'චෞර පවුල' ජන සම්මත සර්වජන ඡන්ද බලයෙන් පහ කර දැමීමට මහා සංඝරත්නය මෙසේ සංඝ ආඥාව පැනවූ වගයි' යන්නයි.

හයිඩ් සමුම්තිය සියම් මහා නිකායේ සල්පිටි රයිගම් දෙකෝරලයේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නාහිමියන් විසින් ඉදිරිපත් කළ අතර රැස්ව සිටි මහා සංඝරත්නය අත උස්සා එය සම්මත කළහ.

ජාතික සංඝ සමුළුවට 1000කට අධික මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

(mawbima)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us