මැතිවරණයට පළිබෝධ නාශක පහක් තහනම්

Published in පුවත්
Wednesday, 24 December 2014 10:12
ප‍්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි කෘෂි රසායන ද්‍රව්‍ය අඩංගු පළිබෝධ නාශක පහක් තහනම් කර අැත. ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් නැමති පළිබෝධ නාශක පහ මෙලෙස තහනමට ලක් කර ඇත. මෙම තහනම නිකුත් කර අැත්තේ පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් ජී.ඒ.ඩබ්ලිව්. විජේසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගිනි.
මේ අනුව අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත‍්‍රික්ක වලත්, බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගනය, රිදීමාලියැද්ද සහ කන්දෙකැටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ද මෙම කෘෂි රසායන තහනම කි‍්‍රයාත්මක වේ. මෙම තහනමට අනුව අදාල ප‍්‍රදේශවල මෙම කෘෂි රසායන අඩංගු පළිබෝධ නාශක භාවිතය, විකිණීම තහනම් බව අදාල ගැසට් නිවේදනය තුළින් දන්වා අැත.
 
තමා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මහජන හිතසුව පිණිස සහ පළිබෝධ නාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ අනුමැතිය මත මෙම තහනම නිකුත් කරන බව ඒ සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
 
රටපුරා වකුගඩු රෝගය පැතිරීම සම්බන්ධයෙන්  චෝදනාව එල්ල වූයේ කෘෂි රසායන බාවිතයටය. එම හේතුවෙන්  මෙම විස රසායනයන් තහනම් කළයුතු බවට ප්‍රබල මතයක් රට තුළින් මතු වූවද  ඒ පාලකයන් විසින් නොසලකා හැරිණි. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us