මෛත්‍රීගේ මඩකලපු කාර්යාලයට ප්‍රහාරයක්

Published in පුවත්
Friday, 26 December 2014 17:23
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ, මඩකලපුව සන්දිවේලි මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට අද (26) අලුයම ප්‍රහාරයක් එල්ල වී තිබේ.
 
වාහන කිහිපයකින් පැමිණි පිරිසක් කාර්යාලයේ දේපළ වලට හානි කර ඒවාට ගිනි තබා, කාර්යාලයට පෙට්‍රල් බෝම්බ ගසා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 
සිද්ධිය වූ අවස්ථාවේ එම කාර්යාලයේ සිටි, නම ප්‍රකාශ කිරීමට අකමැති පුද්ගලයෙක් පැවසුවේ මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ වාහන තුනකින් පැමිණි තිස් දෙනෙකු පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
 
ඉන් දෙදෙනෙකු අතර ගිණි අවි තිබුණු බවත් කාර්යාලය වසා දමන බවට තමන්ට තර්ජනය කළ බවත් ඔහු කියා සිටියේය.
 
ප්‍රහාරය සඳහා පැමිණි වාහන සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයේ පවතින TMVP පක්ෂයට අයත් ඒවා බව තමන් හඳුනා ගත් බවද ඉහත කී පුද්ගලයා බීබීසීයට ප්‍රකාශ කළේය.
 
මෙහිදී වෙඩි කිහිපයක් තබා ඇති මුත් කිසිවෙකු තුවාල ලබා නැති බවයි වාර්තා වන්නේ. සැක පිට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් පවසතත් එය නිල වශයෙන් තවම පොලිසිය නිවේදනය කර නැත.
 
මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා TMVP පක්ෂය සම්බන්ධ කර ගැනීමට බීබීබීය දැරූ උත්සාහය සාර්ථක නොවූ අතර ඔවුන් මේ දක්වා තම පක්ෂයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොමැත.
MaithreePalaOffice2
Last modified on Friday, 26 December 2014 17:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us