නාමල් රාජපක්‍ෂ මාධ්‍යට නිසි බලධාරියෙක් ඉල්ලයි

Published in පුවත්
Friday, 26 December 2014 20:09
2015 ජනාධිපතිවරණය වෙනුවෙන් අපේ ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත්වී සිටින නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත මීට සුඵ මොහොතකට පෙර පැමිණිල්ලක් භාරදී ඇත. 
 
එම පැමිණිල්ලෙන් නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා ඉල්ලා ඇත්තේ,
 
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දින සිට රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් එක් අපේක්‍ෂකයෙකුගේ අපේක්‍ෂකත්වය පමණක් ප‍්‍රවර්ධනය සඳහා ඉතාමත් පක්‍ෂග‍්‍රාහී සහ අත්තනෝමතික ලෙස කටයුතු කරන බවයි. එම පැමිණිල්ලෙහි දක්වා ඇති පරිදි 1988 අංක 16 දරණ පනතින් සංශෝධිත 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනතේ 117 වගන්තියේ (5) උප වගන්තියේ දක්වා ඇති පරිදි මෙන්ම (7) උප වගන්තියේ දක්වා ඇති පරිදි ද අපේක්‍ෂකයෙකුගේ අපේක්‍ෂකත්වය ඍජුවම හෝ අන්‍යාකාරයකින් ප‍්‍රවර්ධනය කිරීමේ බලපෑම් ඇතිවන කිසිම දෙයක් රාජ්‍ය ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප‍්‍රචාරය නොකළ යුතු බවයි.
 
ඒ සම්බන්ධයෙන් යම් දුෂ්කරතාවක් ඇති වන්නේනම් එම වගන්තියේ 118 වගන්ති යටතේ උද්ගතවන දුෂ්කරතා මග හරවාගැනීම සඳහා නියම කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයා සතුවේ. 
 
එසේ හෙයින් 118 වන වගන්තියට ප‍්‍රාකාරව මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැවරී ඇති බලතල ක‍්‍රියාත්මක කොට රාජ්‍ය මාධ්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නිසි බලධරයෙකු වහාම පත්කරන ලෙසද නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

 

Last modified on Friday, 26 December 2014 20:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us