ආහාර බුදින සතෙකුට දඩයක්කරුවා වෙඩි තියන්නේ නැත. එහෙත් රාජපක්ෂලා ඊට වෙනස්ය.

Published in පුවත්
Saturday, 27 December 2014 12:19

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස බේරුවල රැලියකට සහභාගීවී පළාත් සභා මන්ත්‍රී ඉස්තිකාර් ජෙනිල් මහතාගේ නිවසට රෑ කෑම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හා පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ගිය අවස්ථාවේ ගෙට ගල් වරුසාවක් එල්ලවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

මේ සිද්ධියෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාර කරුවන් සිව් දෙනකුටද වාහන 4කට ද නිවසටද ආලාබ හානිවී ඇතැයි කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ මැර කණ්ඩායමක් බව සිරිසේන මහතාගේ ආධාරකරුවෝ කියති.
සාමය රැකීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබේ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ හිරුනිකා මෙනවියට තුවාල සිදුවී නැත.

රාජපක්ෂලාගේ දේශපාලනය දැන් හැඩ ගැසෙමින් පවතින්නේ ත්‍රස්ත ප්‍රහාරයන් හා මඩ ප්‍රහාරයන් දෙසට බව මේ වන විට පැහැදිලිවෙමින් පවතී. එයත් සිදුවන්නේ කිසිවකුත් අනුමත නොකරන තරම් මෙලෙච්ඡ ආකාරයෙනි.

තමන්ගේ ප්‍රතිවාදියා සමඟ සටන් කළ යුතුවන්නේ සමාන වේදීකාවක සිට නමුත් අද රාජ්‍යයේ සියලු බලපුලුවන්කාරකම් යොදාගෙන ප්‍රතිවාදියාට පහර දෙන තරමට රාජපක්ෂලා බංකොලොත් වී ඇති බවද පැහැදිලිය.

එමෙන්ම සතුන් මරාගෙන කෑම ජීවීකාව කර ගත් කවර දඩයක්කාරයකු වුවත් සතෙකු ආහාර ගනිමින් සිටින විට පැටවුන් සමඟ සිටින විට මරා දමන්නේ නැත. සතුන් මැරීම සම්බධයෙන් ඔවුන්ටත් සදාචාරයක් ඇත. එහෙත් රාජපක්ෂලාට ඒ අවම සදාචාරයවත් නැති බව ඉහතකි සිදුවීමෙන් පැහැදිලිය.

කෑමට ගිය මනුස්සයන්ට ගල් ගසන්න තරම රාජපක්ෂලා තුච්ඡ හා නිවට වී ඇත.

Last modified on Saturday, 27 December 2014 12:41

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us