අපි කවදාවත් ඊලමක් ඉල්ලුවේ නෑ - රායප්පු ජෝශප් පියතුමා

Published in පුවත්
Wednesday, 31 December 2014 07:47

දෙමළ සන්ධානය හෝ තමන් කිසි දිනෙක ඊළමක්‌ ඉල්ලුවේ නැති බවත් ඒකීය රටක්‌ තුළ සමානාත්මතාවකින් ජීවත්වීම දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාව බවත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා ඊයේ (30 වැනිදා) පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා හා මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා හමුවීම ඊයේ (30 දා) පෙරවරුවේ සිදුවිය.

එහිදී අදහස්‌ දැක්‌වූ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අප මාතෘ භූමිය තුළ ජීවත්වන සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සියලු ජාතීන්ට ඒකීය රටක යහපාලනයක්‌ යටතේ අභිමානවත් ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත්වන යුගයක්‌ උදාකිරීම තම අපේක්‍ෂාව බව සඳහන් කර සිටියේය. තමාගේ එම අරමුණ ඉටුකරලීමට මඟපෙන්වීම ලබා දෙන ලෙස සියලු ආගමික නායකයන් වෙත ගෞරව පූර්වක ඇරයුමක්‌ කරන බව ද එහිදී හෙතෙම පැවැසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ ජන හමු කිහිපයක්‌ ඊයේ වවුනියාව, යාපනය, මුලතිව්, කිළිනොච්චි ඇතුළු ප්‍රදේශවල පැවැති අතර, විශාල ජන සහභාගිත්වයක්‌ එම රැස්‌වීම්වල දක්‌නට ලැබිණි.

 

-divaina

Last modified on Wednesday, 31 December 2014 07:47

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us