අයවැය පොරොන්දු ඉල්ලා ගුරුවරුත් වැඩ වර්ජනයකට

Published in පුවත්
Wednesday, 31 December 2014 07:52

අයවැයෙන් පොරොන්දු වූ ආකාරයට ගුරු හා විදුහල්පති උසස්‌ වීම් ලබා නොදීමට එරෙහිව නව පාසල් වාරය ආරම්භයේදී වැඩවර්ජනය කිරීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර ඇත.

වසර හයක්‌ තිස්‌සේ ලබා නොදුන් විදුහල්පති උසස්‌වීම් මෙන්ම වසර හතරක්‌ තිස්‌සේ ලබා නොදුන් ගුරු උසස්‌ වීම්ද අද (31 වැනිදා) පෙර ලබාදෙන බව පසුගිය ඔක්‌තෝබර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැයෙන් යෝජනා කෙරිණි.

මෙම යෝජනාව අනුව ගුරු හා විදුහල්පතිවරුන්ගේ උසස්‌වීම් ලබාදීම සඳහා ජංගම සේවා වැඩසටහනක්‌ද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැලසුම් කරන ලදී. එහෙත් මේ වන තෙක්‌ ගුරු හා විදුහල්පති උසස්‌වීම් ලබා දී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා ඊයේ (30 වැනිදා) පැවසීය. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මෙලෙස රැවටීමට එරෙහිව සියලුම පාසල්වලට බලපාන පරිදි වැඩවර්ජනයක යෙදීමට සැළසුම් කර ඇතැයිද හෙතෙම කීවේය.

සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය, ස්‌වාධීන ලංකා ගුරු සංගමය, ලංකා ජාතික විදුහල්පති සංගමය, සමස්‌ත ලංකා විදුහල්පති සංගමය ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක්‌ ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකතුවට අයත්ය.

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් ඊයේ (30 දා) ක්‍රියාත්මක කරනු ලැබු දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බෙහෙත් නිකුත් කිරීම, විකිරණ පරීක්‍ෂණ, රසායනාගාර පරීක්‍ෂණ සිදු කිරීම, සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ මදුරු කීට විද්‍යාත්මක සමීක්‍ෂණයන් සිදු කිරීම ඇතුළු රෝහල් හා සෞඛ්‍ය සේවාවන් රැසක්‌ ඇණ හිට තිබිණි.

Last modified on Wednesday, 31 December 2014 08:05

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us