සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජන රැල්ලක්

Published in පුවත්
Wednesday, 31 December 2014 11:35
වැඩවර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින්ගේ ගැටළු වලට කඩිනම් විසදුමක් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව භාණ්ඩාගාර ලේකම්වරයා සමග හෙට දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කර විසදුම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේය.
 
වැටුප් ගැටළු වලට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස බල කරමින් පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ බළ මණ්ඩලය ඊයේ (30) පෙරවරු අටේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ ක‍ළේය. එය අද පෙරවරු අට දක්වා ක‍්‍රියාත්මක වුණි. පිළිගත හැකි විසදුමක් නොලැබුණහොත් ලබන සිකුරාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත්කරන බව වර්ජනයේ නිරත සෞඛ්‍ය  වෘත්තිකයින් ප‍්‍රකාශ කලේය.
 
කෙසේ වෙතත් රෝගීන් අපහසුතාවට ලක් නොවන ලෙස කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය වර්ජකයින්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.
 
මේ අතර රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ද ජනවාරි මස දෙවනදා සිට වැඩ වර්ජනයකට අවතීර්ණවීමට සූදානම් වේ. වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට දීමනා රුපියල් පහළොස් දහසේ සිට රුපියල් තිස් පන් දහස දක්වා ඉහළ දමන්නේ නම් හෙද හෙදියන්ගේ ද දීමනා ඉහළ දැමිය යුතු බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
Last modified on Wednesday, 31 December 2014 12:15

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us