සෙනාල් වෙල්ගම චන්ද්‍රිකා හමුවේ

Published in පුවත්
Friday, 02 January 2015 19:14

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව දිනවීම උදෙසා වැඩ කරන්නේ නැතැයි කියමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම මහතාට රාජපක්ෂ පුත්‍රයකු විසින් කනට ගැසූ සිදුවීම සමග ඔවුන්ට රාජපක්ෂ ආණ්ඩුව පිළිබද කළකිරීමක් ඇතිවී තිබේ.

සෙනාල් වෙල්ගම, කුමාර වෙල්ගම ඇමැතිවරයගේ පුත්‍රයා වන තර මෙම සිදුවීම නිසා කුමාර වෙල්ගමද රාජපක්ෂවරුන් කෙරෙහි කළකිරී සිටින බව අපට වාර්තාවේ. කෙසේ නමුත් අද යාපනයේ පැවැත්වෙන සන්ධාන ‍රැස්වීමටත් ඔහු සහභාගී වීමට තීරණය කර ඇත.

මේ සිදුවීමත් සමග අද දින සෙනාල් වෙල්ගම අද (02) චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියව හමුවී ඇත.ඒ අනුව හෙට හෝ අනිද්දා වන විට සෙනාල් වෙල්ගම මහතා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට නියමිත බව වාර්තාවේ.


සෙනාල් වෙල්ගම මහතාව මෙසේ මෛත්‍රී පාර්ශවයට එක කර ගැනීම සදහා තරුණ බස්නාහිර පළාත්සභා මන්ත්‍රිවරියක්ද සහාය වී ඇත.


එමෙන්ම ඉතා නුදුරු දිනකම තම පුතාට සිදුවූ ප්‍රහාරය හෙළා දකිමින් කුමාර වෙල්ගම ඇමැතිවරයාද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරනු ඇති බව සැලවේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us