ද්විත්ව පුරවැසිභාවය හිමි ගුණරත්නම්ට විතරද ?

Published in පුවත්
Saturday, 03 January 2015 08:11

ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පසුගිය 31 වැනිදා සිට ඉල්ලුම් කළ හැකි බවට අදාළ බලධාරීන් විසින් ප්‍රචාරය කළද මෙතෙක්‌ ඒ සඳහා වන අයැදුම්පත්‍රය සකස්‌ කර නැතැයි දැන ගන්නට තිබේ.

ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බවට කරනු ලබන ප්‍රචාරය නිසා 31 වැනිදා සිට බොහෝ පිරිස්‌ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයට පැමිණ හිස්‌ අතින් ආපසු හැරී යන අයුරු දක්‌නට ලැබිණි.

ද්විත්ව පුරවැසිභාවය හිමිව තිබෙන්නේ ගුණරත්නම්ට පමක්ද යැයි විමසමින් තමන් අපහසුතාවට පත්කිරීම සම්බන්ධව ඔවුන් දොස්‌ පවරමින් ආපසු හැරීයන බවද මේ නිසා තමන්ද දැඩි අපහසුතාවට ලක්‌ව සිටින බවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්‌ පැවසූහ.

ද්විත්ව පුරවැසිභාවය අපේක්‍ෂා කරන විදෙස්‌ පුරවැසිභාවය ගත් ශ්‍රී ලාංකිකයන්ට ඒ ඉල්ලුම් කිරීමට අදාල ඉල්ලුම් පත්‍රය සකස්‌ කළ යුත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නමුත් තවම එවැන්නක් ආගමන විගමන දෙපාර්ත්මේන්තුව වෙත එවා නැත.

ද්විත්ව පුරවැසිභාවය හිමි නොමැති කිරිවකුට මෙරට ආගමන විගමන නීති අනුව දෙශපාලන කටයුතුවල යෙදීම ‍රැස්වීම වලට සම්බන්ධ වීම තහනම්ය. මිට පෙර ඒවැනි කටයුතුවලට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගෙන යළි මෙරටින් පිටත් කිරීමට කටයුතු කෙරෙනි. වරක් ලෝ ප්‍රකට කිවිවර ජෙයපාලන් කවියාවද මෙරටින් නෙරපන ලද්දේ කැනඩාවේ පුරවැසි භාවය හිමි පුද්ගලයකු වව්නියාවේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ බවට චෝදනා කරමිනි.

එහෙත් පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා යැයි කියන කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියාවේ පුවැසියකු වන අතර තවම ඔහුට ශ්‍රීලංකාවේ පුරවැසිභාවය ලබා දී නැත. එහෙත් ඔහු බාධාවකින් තොරව මෙරට දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධව සිටී.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us