මාත් පනියිද දන්නේ නෑ.. කතා පැතිරෙනවා - කෙහෙළිය

Published in පුවත්
Saturday, 03 January 2015 07:50

මමත් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට සහාය දෙන්න යනවා කියලා කතා පැතිරෙනවා. ඒ ගැන බොහෝ දෙනා මගෙන් විමසීම් කරනවා. මමනම් දන්නේ නෑ..බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමාත් පනිනවා කියලා මේ දවස්‌වල කතා පැතිරෙනවා..... ඔය වගේ කතා ඉදිරි දින කිහිපයේදීත් ප්‍රචාරය වේවි යැයි ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කළේය.

ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගේ හුවමාරුවක්‌ ඉදිරි දින තුන හතරේදී සිද්ධ වීමට ඉඩ තිබෙන බව රඹුක්‌වැල්ල මහතා කීය.

මේ අතර පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්‌වීම පිණිස ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරුන් 5 දෙනකු සහ තවත් දේශපාලනඥයන් පිරිසක්‌ ඉදිරි දින 5 ඇතුළතදී ආණ්‌ඩුවෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉදිරි දිනවල පැවැත්වෙන ප්‍රධාන ජන රැලිවලට ආණ්‌ඩු පක්‍ෂයෙන් පැමිණෙන මැති ඇමැතිවරුන් එක්‌වීමට නියමිත බව ද ඒ මහතා අදහස්‌ කළේය.

මේ වනවිට ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 27 දෙනකු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට සහය දැක්‌වීම පිණිස ආණ්‌ඩුවෙන් පැමිණ ඇතැයි ඒ මහතා කීය.

ගම්පහ, කළුතර, මහනුවර යන දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරමින් පොදු අපේක්‍ෂකයාට සහය දැක්‌වීම පිණිස මැති ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත් වනු ඇතැයිද ඒ මහතා තවදුරටත් කීවේය.

Last modified on Saturday, 03 January 2015 08:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us