දෙරණ වාදයෙන් මා දැඩි කම්පාවට හා වේදනාවට පත්වී සිටිමි

Published in පුවත්
Monday, 14 July 2014 11:20
දෙරණ වාදපිටියේදී ඇතිවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධව දැඩි ලෙස කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කරන වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා එම සිද්ධිය ගැන ජනතාවගෙන් සමාව අයැද සිටී. ජයසේකර මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වෙයි.
 
 
 
කණගාටුව ප්‍රකාශ කිරීම
 
පසුගියදා දෙරණ වාද පිටිය තුලදී ඇතිවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව මේ වන විට මාධ්‍ය මඟින් කථා බහට ලක්වෙමින් තිබේ.රුපවාහිනී නාළිකාවක සජීවී වැඩසටහනකදී කථා කළ යුතු භාෂාව, කතා විලාශය ඒ තුල තිබිය යුතු සංයමය විනය හා ඉවසීමේ ගුණය ඉතා වැදගත්ය.
 
නමුත් එහිදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් කතා කල හා හැසිරුණු ආකාරය එම වැඩසටහන නැරඹු ප්‍රේක්ෂකයන් හොඳාකාරවම දනී.මා එහිදී ඉවසිය යුතු වූවත් පෘථග්ජන පුදගලයෙකු ලෙස එහිදී මා හැසිරුණු ආකාරය මඟින් වැඩසටහන අවසාන විරාමය තුලදී ඇතිවූ කණගාටුදායක තත්වය කෙසේවත් අනුමත කල නොහැකි බව මා විශ්වාස කරමි.
 
විපක්ෂය විසින් චෝදනා කරනුයේ දයාසිරි ජයසේකර බලය ලැබුණු පසු බලය අයුතු ලෙස භාවිතා කරමින් හැසිරෙන බවයි.දයාසිරි ජයසේකර විපක්ෂයේ සිටියදීත් ජනතාව වෙනුවෙන් ජනතාවගේ පාර්ශවයේ සිට කටයුතු කල පුද්ගලයෙකි.එමෙන්ම විපක්ෂයේ සිටියදී අපි පරමාදර්ශී චරිත ගැන කතා කළා.වර්තමානයේ ආණ්ඩු පක්ෂයේ සිටියදීද දයාසිරි ජයසේකර කිසි දිනක කිසි මොහොතක බලය,නිලය අයුතු ලෙස භාවිතා කර නොමැත.මා ලැබූ ප්‍රධාන අමාත්‍ය ධූරය කිසි දිනක ජනතා පීඩක අවියක් ලෙස භාවිතා කර නොමැත.
 
එම රුපවාහිනී සංවාදයේදී හරීන් හරිද දයාසිරි හරිද යන්නට වඩා එම සිදුවීමේදී තමා ආණ්ඩු පක්ෂ දේශපාලනඥයෙකු ලෙස ජනතාවට වග කියන,ජනතා පරමාධිපත්‍යට හිස නමන පුද්ගලයෙකු ලෙස එම ඇතිවූ සිදුවීම සම්බන්ධව රටේ ජනතාවගෙනුත්, විශේෂයෙන්ම වයඹ ජනතාවගෙනුත් සමාව අයදිමි. එමෙන්ම එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කම්පාවට සහ දැඩි වේදනාවට පත්වී සිටිමි.
 
වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත්,අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් දරුවන්ට ආදර්ශයක් වීම පිළිබඳව සිතා බැලීමේදී මෙම සිදුවීම මඟින් මාගේ හදවතේ දැඩි වේදනාවක් හටගෙන තිබේ.දරුවන් ඉදිරියට ගොස් ආදර්ශයන් දීම පිළිබඳව කතා බහ කිරීමේදී මෙම සිදුවීම මාගේ හදවතට සදාකාලික රිදුම් දීම වලකා ලිය නොහැකි වනු ඇත.
 
එකිනෙකාට මාධ්‍ය මඟින් චෝදනා කරගන්නවා වෙනුවට ජනතාවාදී දේශපාලනඥයෙකු ලෙසත්,ආණ්ඩු පක්ෂ දේශපාලනඥයෙකු ලෙසත් මා කල්පනා කරනුයේ සිදුවූ සිදුවීම කිසි ලෙසකින්වත් ජනතාව අනුමත නොකරන බවයි,කවුරුන් විසින් හෝ අපහාස උපහාස කළත් ඒවා ඉවසීමේ ගුණය දේශපාලනඥයෙකු තුල තිබිය යුතු බව මා තරයේ විශ්වාස කරන අතර,මීට වඩා වගකීමකින් හැසිරිය යුතු බවද මා විශ්වාස කරමි.
එබැවින් එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කණගාටුවට පත්වන අතර , ඒ සම්බන්ධව ජනතාවගෙන් සමාව අයදිමි.
 
මෙයට
 
නීතිඥ දයාසිරි ජයසේකර 
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us