ළමා ආරක්ෂකයේ අනෝමා මහින්දගේ කැත කුණු හෝදයි

Published in පුවත්
Monday, 05 January 2015 15:31

මෙරට තුළ දිනකට ළමා අපචාර 4ක් සිදුවන බවට ඇතමුන් ගෙන යන චෝදනා අසත්‍යය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ සභාපති අනෝමා දිසානායක මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාවේ වැඩිපුරම වාර්තා වන්නේ ළමුන් කෲරත්වයට පත්කීරීම පිළිබඳ පැමිණිලි වන බවයි.

2014 වසර තුළ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තරම් සාධක ඇති ළමා අපචාර සිද්ධින් වාර්තා වී ඇත්තේ 154 ක් පමණ බවද ඇය පෙන්වා දෙයි.

ඒ අනුව ආසියාවේ ඉහළම ළමා ආරක්ෂාව ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය.


අනෝමා දිසානයක මේ ටොම් පචය ඇද අත අරින්නේ මහින්ද රාජපක්ෂගේ කැත කුණු අපුල්ලා දීමේ කටයුත්ත වෙනුවෙන් බව පැහැදිලිය.

2014 වසර සංඛ්‍යා ලේඛන මොනවා දැයි තවම නිල වශයෙන් මෙම ආයතනයවත් නිකුත් කොට නොමැති අතර මේ ගනන හිලව් දිසානායක මහත්මියගේ හිතලුය.

සාමාන්‍යයෙන් වසුගිය වසර හත අට තුළ ලමා අපචාර වසරකට 1200කට ඉහළ අගයක සිට වර්ධනය වෙමින් පවතින බව පොලිස් වාර්තා අනුවත් පැහැදිව පෙනේ. එවැනි තත්වයක් තුල හිටි අඩියේ 20014 වසරේ ළමා අපචාර 154යි වූයේ කියා මේ රාජපක්ෂ රෙජීමය ආරක්ෂ කිරීම කළ හැකිවන්නේ නැත.

දිනකට ළමා අපචාර 4ක් 5ක්(නිල සංඛ්‍යාලෙඛන අනුව) සිදුවීම පසුගියවසර කිහිපයේම දකින්නට ලැබිණි.


මේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා විසින් පාර්ලිමෙන්තුවේදී කරන ලද හෙළි කිරීමකි.


පසුගිය වසරේ (2012) ළමා හා කාන්තා දූෂණ අපචාර හා හිංසන 3859 ක්‌ - ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන

මෙරට දිස්‌ත්‍රික්‌ විසි පහ තුළ පසුගිය වසරේදී ළමයින් 1759 ක්‌ සහ කාන්තාවන් 330 ක්‌ දූෂණය කර ඇති බවට වාර්තා වී ඇතැයි ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඊට අමතරව ළමයින් 547 ක්‌ සහ කාන්තාවන් 29 ක්‌ ලිංගික හිංසාවන්ට ලක්‌ව ඇතැයිද කී දිනේෂ් ගුණවර්ධන මහතා ළමා අපචාර සිද්ධීන් 1194 ක්‌ වාර්තා වී තිබෙන බවද පැවැසුවේය.

දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ලබාදෙන ලද පිළිතුර අනුව ළමයින් වැඩි ප්‍රමාණයක්‌ දූෂණයට ලක්‌ව තිබෙන්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේය. එම ප්‍රමාණය 173 කි. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ළමයින් 166 ක්‌ සහ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ 129 ක්‌ දූෂණය ලක්‌ව ඇත. ගම්පහ සහ රත්නපුර ළමයින් 111 බැගින් සහ ගාල්ලේ ළමයින් 106 ක්‌ද හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ළමයින් 93 ක්‌ද දූෂණයට ලක්‌ව තිබේ.

කාන්තාවන් වැඩි ප්‍රමාණයක්‌ දූෂණයට ලක්‌ව තිබෙන්නේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේය.එම ප්‍රමාණය 31 කි. කොළඹ සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කවල කාන්තාවන් 30 දෙනා බැගින් දූෂණයට ලක්‌ව ඇත.

ළමුන් වැඩි ප්‍රමාණයක්‌ ලිංගික හිංසනයට පාත්‍රවී තිබෙන්නේද අනුරාධපුරයේය. එම ප්‍රමාණය 55 කි. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ළමයින් 48 ක්‌ කළුතර 41 ක්‌ කුරුණෑගල 40 ක්‌ ලෙස වාර්තා වී තිබේ.

මීට අමතරව ළමා අපචාර වැඩි ප්‍රමාණයක්‌ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තාවේ. එම ප්‍රමාණය 143 කි. ගම්පහ සිද්ධීන් 116 ක්‌ කුරුණෑගල 99 ක්‌ රත්නපුර 67 ක්‌ ලෙස වාර්තාවී තිබේ.

දිවයින පුරා සිදුව ඇති ළමා හා කාන්තා දූෂණ අපචාර හා හිංසනයන් ප්‍රමාණය 3859 කි.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (ප්‍ර.ජා.ස.) සුනිල් හඳුන්නෙත්ති මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉහත සංඛාලේඛන ඉදිරිපත් කළේය.

උපුටා ගැනීම දිවයින වෙබ් අඩවිය

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us