මහීපාලගේ මැරයන් මෛත්‍රීපාලගේ ආධාරකරුවන්ව කපයි

Published in පුවත්
Tuesday, 06 January 2015 00:12

ඊයේ(05) රාත්‍රියේ මැතිවරණයට අදාළ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා රඹුක්කන පොලිස් ස්ථානයට යමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන්ට සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ආධාරකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි වාර්තා වේ.

පොලිස් ස්ථානය ඉදිරිපිටදී මෙම පහරදීම සිදු කර ඇති අතර පොලීසියටද ඔවුන් පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද පැවසේ.

එයින් තුවාල ලැබූ සිව් දෙනෙකු  රඹුක්කකන රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පවසයි. තුවාල කරුවන් රෝහල් ගතකිරිමට පවා මැරයන් ඉඩ ලබා දී නැති අතර ඒ සඳහා පොලිස් ආරක්ෂාව සැපයීමට සිදු වූ බවද වාර්තා වේ.

තුවාල කරුවන්ගෙන් එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බවත් ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

 කඩු, පොලු සහිත තියුණු ආයුධ අතැතිව මැරයන් 100කට අධික පිරිසක් රඹුක්කන නගරයේ සැරිසරන බවත්ත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

රඹුක්කන පොලීසියට තුවාල කරුවන් රැගෙන එනු ඇතැයි අපේක්ෂාවෙන් එම රෝහල් මන්සන්දියේද මැර කණ්ඩායම් රැකවල්ලාගෙන සිටින බවත් ඒ අසල පොලීසියද රැඳී සිටින බවත් වාර්තා වේ.

Last modified on Tuesday, 06 January 2015 00:15

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us