රජා කවුදැයි 9 වැනිදා සවසට

Published in පුවත්
Tuesday, 06 January 2015 11:13

ජනපතිවරණය ජය ගන්නා අපෙක්ෂකයා ලබන 9 වැනිදා සවස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ජනපතිවරණ ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 12,314කදී සිදු කිරීමට නියමිත අතර එය ගණනය කිරීම මධ්‍යස්ථාන 1419 කදී සිදු කෙරේ.

මෙවර ලියාපදිංචි ඡන්දදායකයින් ගණන එක්කෝටි පනස් ලක්ෂ හතලිස් හතරදාස් හාරසිය අනූ දෙනෙක් (1,50,44,490) සුදුසුකම් ලබා සිටී.

8දා රාත්‍රී 10.00 පමණ වන විට පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා කියා සිටී.

මෙවර ජනපතිවරණයට පිළිගත් පක්ෂවලින් අපේක්ෂකයින් 17 දෙනෙකු හා ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ද එක්ව සිටිති.

මේ අතර, රට පුරා තිබෙන කටඅවුට්, බැනර්, පොස්ටර්, ඉවත් කිරීම සඳහා පොලිසිය හා එක්ව මැතිවරණ කොමසාරිස් කාර්යාල නිලධාරීන් අද පෙරවරුවේ සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us