මහින්ද අවසන් ‍රැළියේදීත් කට වරද්දා ගනී

Published in පුවත්
Tuesday, 06 January 2015 11:47
මහින්ද රාජපක්ෂ නම් ජනාධිපති අපේක්ෂකයා තම  ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්බයේ සිටම පැවැසූ බොහෝ කරුණුවලින් ඔහුටම අවාසිදායක තත්වයන් නිර්මාණය කර ගත් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.
 
ඊයේ පොළොන්නරුවේ පැවැත් අවසන් මහ ‍රැළියේදීත්  ඔහු තම පාලනය නීතිය බල්ලට ගිය  දූෂිත පාලනයක් බව හෙළි කළේය.
 
එක අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයන්ට ගැන පවසමින් ඔහු පැවැසුවේ එම සහෝදරයන් පසුගිය කාලයේ ප්‍රදෙශයේ මැරකම් කළ බවය. වංචා, දූෂණ කරණ බවය. ඉන්පසුව ඔහු කීවේ මෙම සහෝදරයන්ට  ආයේත් මැරකම් කරන්න ඉඩ නොතබන බවත් මීට පස්සෙ ඒවට ලෑස්ති වෙන්න එපා මේ දෙන්නෙ අවසන් නිවේදනය බවත්ය. 
 
ඉන් පැහැදි වන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමහයේදී ජනධිපතිවරයා මෙම සහෝදරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ බවය. රාජපක්ෂවරුන්ට සහය දෙන තාක්කල් කිසිවකිත් වැරදිකරුවන් නොවන බවය.
 
තවත් විටකදී  'මම සන්තෝෂ වෙනවා මේ වගේ අති විශාල දැවැන්ත රැලියකට පොළොන්නරුවේදී සහභාගි වෙන්න මට අවස්ථාව ලැබීම ගැන. මම පොළොන්නරුවට එන්න යන්න පටන් ගත්තෙ බොහොම කාලෙකට පෙර. ඒ ඉතිහාසය තුළ මෙවැනි දැවැන්ත රැලියක් දැක්කේ නැති බව මම බොහොම පැහැදිලිව කියන්න ඕන.'යනුවෙන් ඔහු පැවැසූවේ වේදීකවට ආසන්නයේ ලංගම බස් රථ 2000කට ආසන්න ප්‍රමාණයක් නවතා ඇති බව නොදැනය. ‍රැලියට සෙනග ආවේ කෙසේදයි එම ජනතාවට රහසක් වූයේ නැත. ජනාධිපතිවරයා තමන්වත් අන්දනවා යැයි එම සන්ධාන  පක්ෂිකයන්ට නොසිතුනේ නම් පුදුමයට කරුණකි.
 
එමෙන්ම මෙහිදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ නායකත්වයේ ගුණ ගැයීමටද ජනාධිපතිවරයා කටයුතු කිරීම සුවිශේෂී සිද්ධියකි.
 
අර ඉස්සෙල්ල පාර මගේ හමුදාපති දැම්මා. එයා මට ඇවිල්ල සැලියුට් කළා. යුනිෆෝම් එකෙන් ඇවිත්. විශ්‍රාම යන බව කිව්වා මම එතකොට "ඔබ ජනාධිපති ධුරයට තරග කරන්න බලාපොරොත්තු වෙනවද කියලා."
"සමහර විට මම තරග කරයි" කිව්ව. එතුමා මට කියලයි ගියේ. මම එතුමාට සුබපැතුවා. මෙයත් ඇවිල්ල කියල ගියානම් මම මෙයාට සුබපතල යවනවා. නමුත් ආත්ම ශක්තියක් නැහැ. නායකයෙක් වුණාම තමන්ට කියන්න තියනදේ කියන්න ශක්තියක් තියෙන්න ඕන. ඒ ආත්ම ශක්තිය නැති නිසා ඇතිවූ මේ තත්ත්වය ගැන අපිට කණගාටුයි.
 
කෙසේ නමුත් මේ වන විට ජනාධිපතිවරයා ආත්ම ශක්තියක් නැතැයි කියන මෛත්‍රීපාල සිරිසේන මහතා   අද මහින්ද රාජපක්ෂට එරෙහිව  පෙනී සිටින්නේ සරත් ෆොන්සේකාට වඩා බලවත් ලෙස බව  ඔහුගේ සහයට සන්ධාන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ම 27 දෙනෙකු තම සහයට එක්කර ගැනීමෙන් පැහැදිලි වේ. 
 
 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us