පොළිස්පති මැකෝ ගේ පැත්ත ගනී

Published in පුවත්
Wednesday, 07 January 2015 15:33

අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථාන ආශ‍්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. ඡන්ද දායකයින්ගේත් නිලධාරීන්ගේත් ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තමන්ට සහතිකයක් ලබාදුන් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

සියලුම ඡන්ද දායකයින්ගේත්, ඡන්ද පොළ නිලධාරීන්ගේත්, ගණන් කිරීමේ නිලධාරීන්ගේත් ආරක්ෂාව පිළිබද වගකියන බවට පොලිස්පතිවරයා දේශප‍්‍රිය මහතාට සහතික වී අැත.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ආරක්ෂාවට සෑම ස්ථානයකම විශේෂ කාර්ය බලකාය යෙදීමට බලාපොරොත්තු වන බවත් එබැවින් කිසිදු ඡන්ද පොළ නියෝජකයෙක් හෝ ගණන් කිරීමේ නියෝජකයෙක් හෝ ඡන්ද දායකයෙකු හෝ දේශපාලකයෙකු ඡන්ද විමසීමට පෙර දින හෝ ඡන්දය විමසන දින හෝ ඉන් පසුව හෝ ප්‍රචණ්ඩක්‍රියා ඇතිවේ යැයි යනුවෙන් බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවටත් පොලිස්පතිවරයා සහතික වී අැත.

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් ජංගම සංචාර 2884ක් ක‍්‍රියාත්මක කිරීම පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර අැත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ එමගින් ඡන්ද මධ්‍යස්ථාන 12,000කට වැඩි ප‍්‍රමාණයක් ආවරණය කෙරෙන බවයි. එමෙන්ම ගණන් කිරීමේ මධ්‍යස්ථාන 49ක් ද විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යොදවා ඇති බව ඒ මහතා වැඩිදුර කියා සිටියේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us