අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව - මුදලක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 15 ක් වූ පාසල් දැරියකි.
බාල වයස්කාර ගැබිණියක් ගබ්සාවක් කිරීමට සුදානම් වන බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ලද තොරතුරක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට ආණමඩුව පොලීසියට දැනුම් දීමෙන් පසුව සිදුකළ පරීක්ෂණයකින් පසුව මේ තොරතුරු හෙළිව තිබේ.
පොලිස් බාරට ගෙන ඇති දැරිය ආණමඩුව දිසා වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ ඇය මාස 1 ½ ක ගැබිණියක බවයි.
ඉන් අනතුරුව තමන්ට සිදුවූ අතවරය සම්බන්ධයෙන් දැරිවිය තොරතුරු හෙළි කර ඇත.
ආණමඩුව - හලාවත මාර්ගයේ කාපට් ඇතිරීම සඳහා පැමිණ සිටි තරුණයෙකු තම නිවසින් ආහාර ලබා ගත් බවත්, එහිදී ඇතිවූ ප්‍රේම සම්බන්ධතාවයක් අනුව සැකකරු තමා සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බවද දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.
සැකකාර තම පෙම්වතා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පමණක් තමන් දන්නා බවද දැරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
සැකකාර පෙම්වතා මේ වන විට තම සියළුම රාජකාරි කටයුතු අවසන් කර ආණමඩුව ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව පොලීසිය පැවසීය.
බාල වයස්කාර දැරියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇය ගැබිණියක් බවට පත් කර පලා ගොස් ඇති බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ආණමඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...