මහින්ද 19 දා පාර්ලිමේන්තුවට ඒමේ උත්සාහයක්.

Published in පුවත්
Sunday, 11 January 2015 10:57

මෙරට ජනතාව විසින් බලයෙන් නෙරපනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලබන 19 වන දින දිවුරුම් දිමේ සූදානමක පසුවේ.

මේ වෙනුවෙන් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීනී මාලනී ෆොන්සේකා ඉල්ලා අස්වීමට නියමිතය. රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමක් ලබා ගැනීමට උත්සහ කරනුයේ එම මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කර නිතිය හමුවේ සහනයක් ලබා ගැනීමට බවද දැන ගැනිමට ඇත.

පෙරේදා සිට මැදමුලන නිවසේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වී ඇත. විමල් වීරවංශ, සුදර්මන් රදලියගොඩ ආදී රාජපක්ෂ වෙනුවෙන් කොදේසි රහිතව පෙනීසිටි දූෂිතයන් ගනනාවක්ම මෙම සාකච්ඡා සඳහා සහභාගී වී ඇත.

ලබන 19 වන දින විශාල පිරිසක් පාර්ලිමේන්තුව අසලට කැඳවා මහින්ද රාජපක්ෂ නැවත පාර්ලිමේන්තුයාම ගැන විශාල ජනතා ප්‍රසාදයක් ඇති බවට මාධ්‍ය සංදර්ශනයක් කිරීමටද මෙම පිරිස සූදානම් වේ. යුධ වීරයා ගැන ජනතාවගේ අනුකම්පාව දිනා ගෙන, රාජපක්ෂ විසින් සිදු කරනු ලැබූ බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් වන පරීක්ෂණ මඟ හරවා ගැනීම මේ කටයුත්තේ අරමුණය.

කෙසේ නමුත් මේ වැඩපිලිවෙලට ගෝඨාභය රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලේ කැමැත්ත හිමිව නැත. බැසිල් රාජපක්ෂ සෘජුවම මීට විරෝධය දක්වා ඇති අතර ඔහු මේවන විට අමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

Last modified on Sunday, 11 January 2015 11:02

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us