අලි පැටවුන් ජාවාරමේ මහා මොළකරුට මෛත්‍රිය ?

Published in පුවත්
Tuesday, 13 January 2015 17:28

ඉතා අමානුෂික හා කෘර ආකාරයෙන් රට තුල ක්‍රියාත්මකවූ අලි පැටවුන් ජාවාරමේ මහා මොළකරුවෙකු ලෙස කටයුතුකළ දැනට වැඩ තහනමට ලක්වී සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීම් අංශයේ සහකාර අධ්‍යක්ෂ උපාලි පද්මසිරි නැමැත්තා නැවත සේවයේ පිහිටුවීමේ උත්සාහයක් පවතින බව අනාවරණය වේ.

 
පසුගිය සමයේ බෞද්ධ වෙහෙර විහාර වලට අලි ඇතුන් සැපයීමට මැදිහත්ව ක්‍රියාකර ඇත්තේද මෙම පුද්ගලයා වන බව අසන්නට ලැබෙන අතර එනිසාම ඔහුට මෙසේ මෛත්‍රිය හිමිවීමට නියමිත බව දැනගන්නට ලැබේ. වර්තමාන රජයේ ප්‍රධාන පාර්ශව කරුවෙකු වන ජාතික හෙළ උරුමයේ ප්‍රභලයෙකු විසින් මෙසේ මොහුට නැවතත් තනතුර ලබා දීමට කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් දැනගන්නට ලැබේ.
 
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2009 වසරෙන් පසුව ලියාපදිංචි කළ අලි පැටවුන් ගෙන් 14ක් නීති විරෝධී ලෙස කැලයෙන් අල්ලාගත් සතුන් බවත් එම සතුන් නීති විරෝධී ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කර ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද විගණන විමසුමකට අනුව තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් පළමු වාර්තාව 2014 ජූලි 22 වන දින අලි පැටවුන් 4 ක් සඳහා නිකුත් කළ අතර දෙවන වාර්තාව 2014 ඔක්තෝබර් 17 වන දින පැටවුන් 10 ක් සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. මෙම බලපත්‍ර සියල්ලම ලබාදීම සඳහා ව්‍යාජ ලේඛන සැකසීම හා ව්‍යාජ ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තා ලබා දී ඇත්තේ දැනට වැඩ තහනමකට ලක්ව සිටින එවකට නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ සහකාර අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කළ උපාලි පද්මසිරි නැමැත්තා විසිනි.
 
මෙවැනි තත්වයක් තුල යහපාලනය ඇතිවන්නේ වත් අලි ඇතුන්ට මෛත්‍රිය හිමි වන්නේ වත් කෙසේදැයි පරිසරවේදීන් ප්‍රශ්න කරති.
 
හිරුසර තැඹිලියගොඩගේ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us