මුස්තාපා හොරෙක් සමඟ යහපාලනයට සෙට්වෙයි

Published in පුවත්
Tuesday, 13 January 2015 17:38
ඊයේ (12) කැබිනට් මණ්ඩලය දිව්රුම් දීමෙන් අනතුරුව ඔවුන් ඇමතූ ජනාධිපතිවරයා ඉතා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියේ ‘හොරකම් දූෂණ කරන්න ලෑස්ති වෙන්න එපා. තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙනවා' යනුවෙනි.
 
එසේ හොරකම් හෝ දූෂණ සිදු වීමට ප්‍රථමව ඒවා සිදුවීමට ඇති අවස්ථාව හෙලිදරව් කිරීම තුලින් එවැනි අවස්ථාවන් මගහරවා ගැනීමට අවස්ථාව සැලසේ යැයි අප විශ්වාස කරන බැවින් මෙම තොරතුරු ඔබ තුමාට ලබා දෙන්නෙමු.
 
ඊයේ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඔහු යටතේ ඇති සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කිරීමට යන්නේ රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිත ගණුදෙනු වලට පුරෝගාමී වූ පුද්ගලයෙකු වන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩා නැමැති කුප්‍රකට පුද්ගලයෙකි. මොහු මේ වන විට මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවක් සමග විශේෂ රැස්වීමකට සහභාගි වී සිටී. එහිදී ඔවුන් සාකච්ඡා කරන්නේ ඉදිරි මහමැතිවරණයේදී ෆයිසර් මුස්තාපා දිනවන්නේ කෙසේද ඒ සඳහා කොපමණ මුදලක් වැය කළ යුතුද ඒ සඳහා සම්මාදම් එකතු කරන්නේ කෙසේද යන්නයි.
 
මෙම මොහොමඩ් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩා පසුගිය ජනාධිපතිවරණයේදී අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ ෆයිසර් මුස්තාපාට නවීනතම ප්‍රාඩෝ ජීප් රථයක් හා ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගෙන දෙන ලදී. ඒ සඳහා ඔහු රුපියල් ලක්ෂ 195 ක් වැය කර තිබේ. මෙම රථ දෙක මිලදී ගෙන ඇත්තේ ‘රුමී ට්‍රේඩර්ස්' මෝටර් රථ ආනයනය කරුවන්ගෙනි. ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාවද තම නිවසට කැඳවා කෑම වේලක් දී ඇති මෙම කුප්‍රකට ව්‍යාපාරිකයා ඒ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගත් ඡායාරූප මේ දිනවල හතර අතේ පෙන්නමින් සිටී. මෙවැනි වංචනිකයන්ගෙන් ගරු ජනාධිපතිතුමා ප්‍රවේශම් විය යුතුය.
 
මෙම ඩිඩා නැමැති පුද්ගලයා හදුන්වන්නේ ‘මනි ලොන්ඩරීන් ඩිඩා ' නමිනි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කලු සල්ලි සියල්ල සුදු කිරීමේ කාර්ය භාරය පැවරී තිබුනේ මොහුටය. ‘සන්ඩේ ලීඩර්' හිමිකරු නාමල් රාජපක්ෂගේ රග්බි පුහුණුකරු අසංග සෙනෙවිරත්න මෙම පුද්ගලයාගේ ව්‍යාපාරික හවුල්කරුවා වේ. මොහු පිළිබඳව විශාල තොරතුරු රාශියක් අප සතුව පවතී. රජය ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නේ නම් අප ඒවා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
 
අපගේ අරමුණ හා අධ්‍යාශය අප විසින් වැර වෑයමින් ගොඩ නැගූ මෙම නවරජය ආරක්ෂා කර ගැනීමය. අප මෙවැනි පුද්ගලයන් පිළිබඳ හෙලි කරන්නේ එම අරමුණෙනි. අපව වරදවා වටහා ගෙන ‘නව රජයට එරෙහිව ප්‍රතිවිප්ලවය ගොඩනගනවා' යනුවෙන් මේ දිනවල අප කරා එන චෝදනාව අප මෙසේ සපුරා බැහැර කරන්නෙමු.
 
 
 
 
lankanewsweb

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us