හිටපු ඇමැති 20 කගේ හා ලේකම්ලා 11කගේ ෆයිල් තිබෙනවා - ඇමැති ලේකම් සංගමය

Published in පුවත්
Friday, 16 January 2015 08:26

හිටපු ඇමැතිවරුන් 20 දෙනකු සහ ලේකම්වරුන් 11 දෙනකු සිදු කළ දූෂණ, වංචා සහිත ලිපි ගොනු අල්ලස්‌ හෝ දූෂණ චෝදනා කොමිසම වෙත ලබාදීමට තම සංගමය කටයුතු කරන බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය පවසයි.

තම සංගමය තුළ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය ඇමැතිවරුන් යටතේ සේවය කළ ලේකම්වරුන් රැසක්‌ සිටින බවත්, ඔවුන්ගේ නිවැරැදි තොරතුරු මත එම ලිපි ගොනු සම්බන්ධයෙන් නීතිඥ උපදෙස්‌ ගනිමින් සිටින බවත් මහවැලි කේන්ද්‍රයේ දී 13 දා පැවැති මාධ්‍ය හමුවට එක්‌වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවසීය.

නීතිඥ උපදෙස්‌ ගැනීමෙන් පසු එම විස්‌තර අල්ලස්‌ කොමිසම වෙත භාර දෙන බවද හෙතෙම කීය. පසුගිය රජයේ කැබිනට්‌ මණ්‌ඩලය තුළ සිටි බොහෝ මැති ඇමැතිවරුන්ගේ ලේකම්වරුන් ලෙස පවුලේ ඥතීන් පත් කර සිටි බව කී ජයසුන්දර මහතා නව කැබිනට්‌ මණ්‌ඩලයේ මැති ඇමැතිවරුන්ගෙන් ලේකම්වරුන් පත්කර ගැනීමේදී සුදුසු අය පත් කර ගන්නා ලෙසද ඉල්ලීමක්‌ කළේය.

පළාත් පාලන ආයතනයකට වසරකට මිලියන 6,000 - 7,000 ක්‌ අතර මුදලක්‌ ලැබෙන බවත් එම මුදල්වලින් සිදුවූ සංවර්ධන කටයුතු නිවැරැදිව ඉටු නොවූ බවත් තමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස ප්‍රායෝගිකව දැක ඇතැයිද හෙතෙම කීය.

Last modified on Friday, 16 January 2015 08:27

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us