බැසිල්ගේ අමාත්‍යාංශය වසා දමයි! රනිල් අලුත් තැනකට..

Published in පුවත්
Friday, 16 January 2015 08:30

බැසිල් රාජපක්‍ෂ මහතා මෙතෙක්‌ හොබවන ලද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වසා දැමීමට නව රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව එම අමාත්‍යාංශයට අනුයුක්‌තව සිටින රාජ්‍ය නිලධාරීන් වෙනත් අමාත්‍යාංශවලට මාරු කෙරෙනු ඇතැයි ද වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන රජයේ ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම අමාත්‍යාංශය වෙනත් ස්‌ථානයක අලුතින්ම ස්‌ථාපිත කිරීමට අදහස්‌ කර ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් දැන ගන්නට ඇත.

කොළඹ 10, ටී. බී. ජයා මාවතේ අංක 484 යන ස්‌ථානයේ පිහිටි කුලියට ගත් ගොඩනැඟිල්ලක (එච්. එන්. බී. ටවර් ඉදිරිපිට) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවා තිබිණි. නව ආර්ථික කටයුතු ඇමැතිවරයා එම අමාත්‍යාංශයට ගොස්‌ වැඩ භාර නොගෙන වෙනත් ස්‌ථානයක අලුත් අමාත්‍යාංශයක්‌ ලෙස ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පිහිටුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරණයෙන් පසුව දැනට විදෙස්‌ගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු ලෙස තවදුරටත් දේශපාලනයේ නිරත වනු ඇතැයිද, මීළඟ පාර්ලිමේන්තු රැස්‌වීමට සහභාගි වීම සඳහා ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ද ඒ මහතාට සමීප ආරංචි මාර්ග වලින් දැන ගන්නට ඇත.

- දිවයින

Last modified on Friday, 16 January 2015 08:37

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us