මහින්ද එකඟතාවයකට ආවේ වෙන කරන්න දෙයක් නැති කමට - ශ්‍රී ලනිපය රැකගැනීමේ ව්‍යාපාරය

Published in පුවත්
Friday, 16 January 2015 08:57

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ලබා ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ ව්‍යාපාරය පවසයි.

පක්ෂය අභ්‍යන්තරයෙන්ම මතු වූ ප්‍රබල පීඩනය හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පක්ෂයේ සභාපති පදවිය අත්හැර ගියා විනා එය ස්වේච්ඡාවෙන් ගත් තීරණයක් නොවන බවද එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු තුසිත හල්ලොලුව බීබීසී සංදේශයට පැවසීය.

"පක්ෂෙ ඇතුලේ හිටපු සියලු දෙනාම එයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනව පක්ෂය නව
ජනාධිපතිතුමාට භාර දීල එයාට අයින් වෙන්න කියල," යනුවෙන් ඔහු සඳහන් කළේය.

නව ජනාධිපතිවරයාට සභාපති පදවිය පැවරෙන සිකුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමට නව ජනාධිපතිවරයාත්, හිටපු ජනාධිපතිවරයාත් දෙදෙනාම සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ.

දේශපාලන පළි ගැනීම්

සිය පවුලේ සාමාජිකයන්ට එරෙහිව සිදු විය හැකි දේශපාලන පළි ගැනීම් හා හිරිහැර වළක්වා ගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹි ඇති හැඩක් පෙනී යන බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ.

එහෙත් හිටපු ජනාධිපතිවරයා සමඟ බදාදා රාත්‍රියේ පැවැත්වුණු සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ ව්‍යාපාරයේ තුසිත හල්ලොලුව අවධාරණය කරයි.

"යහපාලනයට යම්කිසි අකටයුත්තක් වෙනවා නම් කවදාවත් එතුමා එහෙම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ කියන එක මම හොඳටම දන්නවා," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

නව ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමිවීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ සහායයෙන් තොරවම ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිවන බැවින් මින් ඉදිරියට පාලක සන්ධානයේ ගමන් මාර්ගය කවරක් වනු ඇත්දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ පාලක සන්ධානය මේ මොහොතේ දින සියයේ වැඩපිළිවෙල කෙරෙහි පූර්ණ අවධානය යොමු කොට සිටින බවයි.

(BBC)

Last modified on Friday, 16 January 2015 08:58

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us