එජාපය, බලය ඩැහැ ගැනීමට දරන උත්සහය පරාජය කළයුතුයි. - ඩබ්ඩීජේ

Published in පුවත්
Friday, 16 January 2015 08:42

විශේෂයෙන් සන්ධානයට බලය හිමි පළාත් සභා සහ ප්‍රාදේශීය සභා එක්‌සත් ජාතික පකෂය විසින් ඩැහැ ගැනීමට දරන උත්සාහය පරාජය කිරීමට පක්‌ෂය එකමුතු විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩවීම වළක්‌වා ගැනීමටත්,

පක්‌ෂයේ අනාගත අභිවෘද්ධිය සඳහාත් පක්‌ෂයේ නායකත්වය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එකඟත් වූයේද ඒ නිසා බවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනවිරත්න මහතා පවසයි.

ඊයේ (15 දා) පැවති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ රත්නපුර දිස්‌ත්‍රික්‌ බලමණ්‌ඩල රැස්‌වීමේදී මේ අදහස් දැක්වීය.

දිස්‌ත්‍රික්‌ කමිටු රැස්‌වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා, ජානක වක්‌කුඹුර, සබරගමු පළාත් සභා ඇමැති අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරුන් ද පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු පක්‌ෂයේ ක්‍රියාකාරීහු රැසක්‌ සහභාගි වී ඇත.

Last modified on Friday, 16 January 2015 08:51

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us