සංවර්ධනය මුවාවෙන් වරායෙත් අකටයුතුකම්

Published in පුවත්
Monday, 19 January 2015 20:08

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය තුළ ඉදිවන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්තය වන්නේ (E.C.T) නැගෙනහිර පර්යන්තයයි. දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපාරය යටතේ එහි නැගෙනහිර කොටසේ නව පර්යන්තය සංවර්ධනය සදහා අවශ්‍යකරන දොඹකර ගෙන්වීමට අදාළ මිල ගනන් මේ වන විට කැදවා ඇත.

නමුත් එය සිදුවී ඇත්තේ වරාය අධිකාරියේ පෙර සභාපතිවරයාගේ පෞද්ගලික උවමනාවකටය.එය ඔහු විසින්ම කළ ඉල්ලීමකට අනුව සිදුවූවක් බව අනාවරණය වේ.ඒ අනුව එම දොඹකර ගෙන්වීම සදහා තෝරාගෙන ඇත්තේ චීන සමාගමකි. ZPMC එම සමාගමයි. ඒ සදහා වැය වන පිරිවැය ඇ.ඩො.බි 65 කි.


මේ වන විට මෙම ක්‍රියාවලිය එහි අවසාන අදියරටම පැමිණ ඇත.එනිසා තරග කාරී මිල ගණන් කැදවන තුරු ණයවරපත් නිකුත් කිරීම නවතා දැමිය යුතුය. මෙය වහාම ගත යුතු පියවරකි.


වඩා තරගකාරී මිල ගණන් යටතේ මීට වඩා අඩු පිරිවැයකට වඩා හොද තත්වයේ දොඹකර හා උපකරණ ලබා ගැනීමේ හැකියාව පවතිද්දී පෙර බලධාරියාගේ නාස්තිකාරී අභිමතාර්ත මුදුන් පමුණුවාලීමට ඉඩ නොදී මෙම අකටයුත්ත නවතා දැමිය යුතුය.මෙය ජනතා මුදල් කාබාසිනීයා කිරීමක් මෙන්ම සංවර්ධන කටයුතු පවා අඩපන කරන්නකි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us