යුනිසෙෆ් ආධාර වලින් මහින්දට උපන්දින සුබපැතුම් එක්කළ අයත් තනතුරුවල(video)

Published in පුවත්
Monday, 19 January 2015 20:56

සාධාරණ සමාජයක් උදෙසාවූ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවක් අද(19) පැවැත්වින. එහිදී අදහස් දක්වමින් සමන් රත්නප‍්‍රිය මහතා පැවසුවේ පසුගිය අට වෙනිදා තෙක් පොරොන්දු වූ සියල්ල නව ආණ්ඩුව මගින් ඉටුකරවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි.ජනාධිපති, අගමැති ආදී වශයෙන් වන ඉහළ තනතුරු වෙනස් වූවද මේ වන තෙක් පහළ මට්ටමේ දූෂිතයින් වෙනසවී නොමැති නිසා පාලනයේ වෙනසත් පොදු ජනතාවට නොදැනෙන බව ඔහු පැවසුවේය.

පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සුභ පැතුම් මුද්‍රණය සදහා යුනිසෙෆ් ආයතනය දරුවන් වෙනුවෙන් ලබාදුන් මුදල් ආධාර වැය කළ බවත් එම සුභ පැතුම් ලියූවන් පවා අද තනතුරුවල වැජඹෙන බවත් ඔහු සදහන් කළේය. ඉහළ පෙළේ පාසල් වල සිටින දූෂිත විදුහල්පතිවරු තවමත් තනතුරු වල බවත් දූෂිතයන් සමග රැස්වීම් වල වාඩිවීමට නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම ජනතා විශ්වාසය පළුදු කරන්නක් බවද ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.


 නව ආණ්ඩුවට දැන් සන්දර්ශන භාවිතාවේ යෙදවීමට කාලය එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

එම අවස්ථාවට වෘතීය සමිති නියෝජනය කරමින් සමන් රත්නප‍්‍රිය,ජෝසප් ස්ටාලින්, ගැමුණු විජේරත්න, සුරංග නාවුල, බී.ඩබ්ලිව්. සුභසිංහ, ලාල් බංගමුව, නවනැලිය, ගාමිනී හෙට්ටිආරච්චි, සමන් විජේසේකර සහ කේසර කොට්ටගේ යන අය සහභාගී විය.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP 9017

DNP 9029

DNP 9058

DNP 9079

DNP 9087

DNP 9120

Last modified on Tuesday, 20 January 2015 07:11

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us