ජනාධිපතිගේ විශ්වාසය දේශීයත්වයට !

Published in පුවත්
Wednesday, 16 July 2014 11:30

වත්මන් රජය දේශීයත්වය කෙරෙහි විශ්වාසය තබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී ඊයේ (15) එක්වෙමිනි.

මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්තියට අනුකූලව 'රාජ්‍ය සේවය ජනතාව පිණිසයි' යන්න තහවුරු කරමින් ඉදිකරන ලද රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනාධිපතිවරයාගේ අතින් මෙහිදී ජනතා අයිතියට පවර දෙනු ලැබිණි.

දේශපාලන වශයෙන් කිසිවකුගෙන්වත් පළිගැනීමට තමා සූදානම් නැති වුවත් දේශපාලන හේතු මත රටේ සංවර්ධනයේ වෙනස්කම් කිරීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

හිතුමතයට වැඩ නොකර ජනතාවට උපරිම ප්‍රයෝජන ලැබෙන අයුරින් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් එක්ව නිසි සැලසුම් ඔස්සේ ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මනාප දෙස බලාගෙන රට සංවර්ධනය කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඡන්ද නිසා නීතිය පහතට දමා කටයුතු කිරීමට ඉඩ දීමට තමා සූදානම් නොමැති බව පැවැසීය. ජනතාව දේශපාලනඥයන් වෙත ලබා දී තිබෙන වගකීම් නිසි ලෙස ඉටු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ වූ විට නීතිය හරිහැටි ඉටු වන බව පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us