ලලිත් - කූගන් මරා දැමුවාද? නැද්ද? උත්තරයක් ඕනේ !

Published in පුවත්
Friday, 23 January 2015 15:53
යාපනයේදී පැහර ගැනීමට ලක්ව කොළඹට රැගෙන ආ බවට සැලකෙන ලලිත් වීරරත්න හා කූගන් මුරුගනාදන් යන වාමාංශික ක්‍රියාධරයන් දෙදෙනා ඝාතනයට කරන්නට ඇතැයි බරපතල සැකයක් මතුව ඇත. 
 
ජන අරගල ව්‍යපාරයේ ඉදිරි පෙල ක‍්‍රියාකාරීන් වන ඔවුන් දෙදෙනා 2011 දෙසැම්බර් 9 වෙනිදා යාපනයේදී රාජපක්ෂ ආණ්ඩුවේ මෙහෙයවීමෙන් ආරක්ෂක අංශ විසින් පැහැරගන ගිය බවට තොරතුරු වාර්තා විය.
 
 එවකට ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඔවුන් රජය භාරයේ සිටින බව මාධ්‍යවේදින් හමුවේ පිළිගනු ලැබීය.
 
නැවත 2012 වසරේ අප්‍රේල් 12 දා මොවුන් දෙදෙනා කොටුව පොලිස් සුභසාධන ගොඩනැගිල්ලේ රඳවාගන සිටින බවට තොරතුරු හෙලිවිය. එම හෙලිදරව් වීමත් සමග එදිනම රත‍්‍රියේ මොවුන් දෙදෙනා දෙමටගොඩ අපරාධ කොට්ඨාශයට රැගෙන ආ අතර පසුව 2012 අප්‍රේල් 19 දා අළුයම 2.00 - 3.00 අතර කාලය තුල දෙමටගොඩ අපාරාධ කොට්ටාශයෙන් රැගෙන ගොස් ඇත.
 
මොවුන් දෛනා එක් අයෙක් AA-CO 26 ගරාජ් අංක දරන ඩිපෙන්ඩර් රථයෙන්ද අනෙක් පුද්ගලයා ඩොල්පින් වර්ගයේ සුදු වෑන් රථයෙන්ද වෙන වෙනම අපරාධ කොට්ඨාශ ගොඩනැගිල්ලෙන් පිටතට රැගෙන ගිය බවට තොරතුරු පවතී. අනතුරුව 2012 අප්‍රෙල් 19 දින සිට මෙම දෙදෙනා ගැන කිසිදු තොරතුරක් වාර්තා වී නැත.
 
මොවුන් පොලිස් සුභසාධන ගොඩනැගිල්ලේ සිට රැගෙන ඒමට වාහන වලට දමා ගනිද්දී හිසේ සිට දෙපතුල දක්වා රෙදි වලින් ආවරණය කර තිබී ඇත. ඊට හේතුව කෲර ලෙස වදදීමට වරින් වර පිළිස්සීම නිසා ඇතිවූ තුවාල පිටතට නොපෙනීමට බව පැවසේ. මොවුන් වාහනයට දමා ගනිද්දී දෙපාවල නියපොතු ගැලවීම හේතුවෙන් ඇගිලී ඉදිමී ඇවිද යාමට නොහැකි තත්වයක සිට ඇතැයි ඒ මොහොතේ අවට සිටි නිලධාරීන් දැක ඇත.
 
ලලිත් හා කූගන් පැහැර ගැනීමෙන් පසුව එවකට ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඔවුන් දෙදෙනා අත්අඩංගුවේ පසුවන බවට මාධ්‍ය හමුවකදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ අතර මෙම ප්‍රකාශය පිළිබඳව යාපනය මහේස්ත‍්‍රාත් වරයා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රඹුක්වැල්ල මහතාට  තුන්වරක් නොතීසි නිකුත් කර ඇති නමුත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා අධිකරණය මග හරිමිනි සිටී.
 
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිශ්චිත උත්තරයක් වත්මන් ආණ්ඩුව විසින් ලබා දිය යුතුය.
 
- ලංකා හෙරල්ඩ් ඇසුරෙනි

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us