වසර 4කට බිලියන 1200 ක වංචා දූෂණ

Published in පුවත්
Sunday, 25 January 2015 08:51

ඇමැතිවරු සහ නිලධාරීන් විසින් පසුගිය වසර හතරක කාලය තුළ (2010 න් පසු) සිදු කර ඇති වංචා සහ දූෂණවල වටිනාකම රුපියල් බිලියන එක්‌ දහස්‌ දෙසීය (කෝටි එක්‌ ලක්‍ෂ විසිදහස) ඉක්‌මවා යන බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

අල්ලස්‌ කොමිසම ඉතා කඩිනමින් සක්‍රීය කර දින සියයේ වැඩසටහන තුළ ඉහත දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමට රජය තීරණය කර ඇත. වර්තමාන ආණ්‌ඩුවේ ද සිටින පැවැති රජයේ ඇතැම් ඇමැතිවරු, මන්ත්‍රීවරු සහ නිලධාරීන් මෙසේ රජයේ මුදල් අවභාවිත කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

මේ පිළිබඳව අප දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් ද විමසීමක්‌ කළෙමු.

'දූෂණ විරෝධි හඬ' සංවිධානය වෙත ලැබී ඇති තොරතුරු අනුවද රුපියල් බිලියන 1200 කට අධික මුදලක්‌ පසුගිය මාස කිහිපය තුළ වංචා කර ඇති බව සමරසිංහ මහතා කීවේය.

මහාමාර්ග, ගොඩනැගිලි ඇතුළු විවිධ ව්‍යාපෘති සිදු කරන මුවාවෙන් මෙම විශාල මුදල වංචා කර ඇති බව තමන් මෙතෙක්‌ කළ විධිමත්a විමර්ශනයන් ඔස්‌සේ අනාවරණය වී තිබෙන බව වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. දූෂිතයන් අදාළ මුදල් වංචා කළ ආකාරය, එම මුදල් උපයෝගී කර ගනිමින් වත්කම් මිලට ගෙන ඇති අයුරු, මෙම මුදල් තැන්පත් කර ඇති සිංගප්පූරු බැංකු ගිණුම් පිළිබඳ විස්‌තර හා ලියවිලි තමන් සතුව ඇතැයි ද කී සමරසිහ මහතා ඒ සියල්ල ඉදිරියේදී අල්ලස්‌ කොමිසමට ඉදිරිපත් කරන බව කීවේය.

- divaina

Last modified on Sunday, 25 January 2015 09:01

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us