අලි පැටවු ආපසු දෙන්න පරිවාස කාලයක්

Published in පුවත්
Monday, 26 January 2015 11:28

නීති විරෝධි ලෙස ලග තබා ගෙන සිටින අලි පැටවුන් වන ජීවි දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පරිවාස කාලයක් ලබා දී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත සේනානයක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ අලි පැටවුන් බාර නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විවිධ පුද්ගලයින් හා සිද්ධස්ථාන ආශ‍්‍රිතව රඳවාගෙන සිටින බොහෝ අලි පැටවුන් සඳහා නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත. එලෙස අලි පැටවුන් ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළහොත් එම සතුන්ගේ ජීවිතවලට ද බලපෑම් එල්ල විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ සම්බන්ධයෙන් සිතාබලා මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර කොළඹ ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජෛව සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ පුබුදු වීරරත්න මහතා ප‍්‍රකාශ කළේ බලපත‍්‍ර නොමැතිව අලි පැටවුන් ළඟ තබාගෙන සිටින පුද්ගලයින් එම අලි පැටවුන් මරා දැමීමට සැලසුම් කර ඇති බවයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us