වකුගඩු රෝගීන්ට අද සිට දීමනාවක්

Published in පුවත්
Monday, 26 January 2015 11:36

වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන මාසික දීමනාව අද (26)සිට ලබා දීමට නියමිතය. පළමු අදියර යටතේ රෝගීන් දහසක් වෙනුවෙන් මෙම දීමනාව ලබා දෙන බව සමාජ සේවා හා සමාජ සුභ සාධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප‍්‍රකාශ කලේය. ඒ අනුව වකුගඩු රෝගයට මුහුණ පා සිටින රෝගියෙකු වෙනුවෙන් රුපියල් තුන් දහසක මාසික දීමනාවක් ලබා දෙනු ඇත.

මේ අතර මෙරට වකුගඩු රෝගීන්ගේ තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තරයේ ද අවධානය යොමුවී පවතී. පසුගියදා ඇසෝසිඒටඞ් ප්‍රෙස් පුවත් සේවය පෙන්වා දුන්නේ මෙරට තුළ වකුගඩු රෝගීන් හාර ලක්ෂයක් පමණ වෙසෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇති බවයි.

කැඞ්මියම් ඇතුළු අනෙකුත් හානිකර ද්‍රව්‍ය ජලයට මුසුවීම මෙම තත්ත්වයට මූලික හේතුවක් බවද එම වාර්තාවේ දැක්වුණි. වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ කටයුතු සඳහා ඔවුන් වෙනුවෙන් අති විශාල පිරිවැයක් දැරීමට ද සෞඛ්‍ය අංශ වලට සිදු වේ.

ඒ වෙනුවෙන් දිවයින පුරා රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර පවතින්නේ 183 ක් පමණය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us