මහින්ද බාලසූරියට සුපිරි ගෙයකුත් වෙලේසුදා හදල දීලා

Published in පුවත්
Tuesday, 27 January 2015 06:58

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති හා හ නීතිහා සාමය පිළිබඳ අමාත්‍යංශයේ හිටපු ලේකම් මහින්ද බාලසුරියට වෙලේ සුදා විසින් රුපියල් කෝටි ගණනක මුදලක්‌ වැය කර සුවිසල් මන්දිරයක්‌ ඉදිකර දී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

වෙලේ සුදා සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ මැදිහත්වීම සහ අධීක්‍ෂණය යටතේ මෙම සුවිසල් මැඳුර ඉදිකිරීමේ කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබේ.

හිටපු පොලිස්‌පතිවරයා සිය ධුරයේ රාජකාරි කරන කාලසීමාවේදී මෙම නිවස ඉදිකර තිබිණි. වෙලේ සුදා මෙම නිවස ඉදිකර දී හිටපු පොලිස්‌පතිවරයාගෙන් සිය ජාවාරම් කරගෙන යැම සඳහා විවිධ උපකාර ලබාගෙන ඇති බව ද අනාවරණය වී ඇත. වෙලේ සුදා හිටපු පොලිස්‌පතිවරයාට හිතවත් කර දී ඇත්තේ මන්ත්‍රීවරයා විසිනි.

කැලණිය කැලණිමුල්ල ප්‍රදේශයේ විශාල ඉඩමක ඉදිකර ඇති මෙම සුවිසල් මන්දිරය පොලිස්‌පතිවරයාගේ නිල නිවසේ ආකෘතියට අනුව නිර්මාණය කර ඇති බව ද වාර්තා වෙයි. මෙම නිවසට පොලිස්‌ ආරක්‍ෂාව ද ලබා දී තිබෙන බව හෙළිවී ඇත.

මෙම සුවිසල් නිවසේ ඉදිකිරීම් කටයුතු මෙහෙයවා ඇත්තේ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු විසින්ය. නිවස ඉදිකිරීම සඳහා වැය වූ කෝටි ගණනක මුදල ලබා දී ඇත්තේ වෙලේ සුදා විසින් බව ද හෙළි වී තිබේ. එමෙන්ම මහින්ද බාලසූරියගේ අධ්‍යාපන කටයුතු සඳහාද වෙලේසුදා විසින් මුදල් වැයකර තිබුණු බවත් හෙළිව තිබේ.

මෙම චෝදනා එල්ල වී තිබෙන හිටපු පොලිස්‌පතිවරයා මේ වන විට රටින් පලාගොස්‌ සිටී. ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා පාකිස්‌තානයේදී අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.

වෙලේ සුදාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර විශ්‍රාමික පොලිස්‌පතිවරයා සහ කොළඹ මන්ත්‍රීවරයා සමඟ පැවැත්වූ සම්බන්ධතාවන් සහ ගනුදෙනු පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ මොහු විසින් හෙළිදරව් කර තිබේ.

 

දුමින්දට එරෙහිව තවත් සාක්ෂි


මේ අතර හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපැයූ බවට චෝදනා ලැබ සිටින කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සාක්‍ෂි රැස්‌කරමින් සිටින බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම මන්ත්‍රීවරයාට තමන් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදුන් බවට වෙලේ සුදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.

හෙරොයින් ජාවාරමේ "ගෝඩ්ෆාදර්" ලෙස හඳුන්වන්නේද මෙම මන්ත්‍රීවරයා බව වෙලේ සුදා ප්‍රකාශ කර ඇත.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ වෙලේ සුදාගේ පාපොච්චාරණය මත පමණක්‌ මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රතිඵලයක්‌ ඇති නොවන බවයි.

මොහුට එරෙහිව ඇති වැදගත් සාක්‍ෂි සියල්ල ලබා ගැනීමෙන් පසු මොහු අත්අඩංගුවට ගනු ලැබුවහොත් මෙම මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.

මේ වනවිට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදවා සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව ඇති වැදගත් සාක්‍ෂි රැස්‌කරමින් සිටින බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

Last modified on Tuesday, 27 January 2015 07:11

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us